Home Politics ගෝඨාගේ පිරිස මෙන් ජාතිවාදය ඇති කරමින් අපි නිර්ලජ්ජිත දේශපාලනය කරන්නේ නැහැ –...

ගෝඨාගේ පිරිස මෙන් ජාතිවාදය ඇති කරමින් අපි නිර්ලජ්ජිත දේශපාලනය කරන්නේ නැහැ – සුජීව සේනසිංහ

474

ගෝඨාභය ගේ පිරිස මෙන් ජාතිවාදය ඇති කරමින් අපි නිර්ලජ්ජිත දේශපාලනය කරන්නේ නොමැති බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (29) මහරගම පැවති එජාපෙ ජනරැලියට එක්වෙමින්.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මහින්ද රාජපක්ෂට රටේ පාලනය ලබා දෙද්දි බිලියන දෙදහක් ණය පැවතියේ.රාජපක්ෂ පාලනය ත්‍රිලියන අටක (බිලියන අටදාහක )ණයක් අපේ රජයට භාරදුන්නා.ඔවුන් රටේ දේපල නාස්ති කරලා.ශ්‍රි හම්බන්තොටවරයා,මත්තල ගුවන් තොටුපලෙන් ආදායම් නැහැ.ඒ ව්‍යාපෘති හැදුවේ කොමිස් මුදල් වලට.මෙහෙම තමයි සංවර්ධනය වුණේ.ලංකන් එයාලයින්ස් හි පාඩුව බිලියන 450යි.මිහින් එයාර් හි පාඩුව මිලියන සීයයි.චෝගම් එකේ බිලියන අසුවයි. මිග් යානා ගණු දෙනුවේ ඩොලර් මිලියන 7ක් එක යානයකට අප ගෙව්වා.ඒ ගැන ලියන්න ගිය ලසන්තව උරෝ මරන උලකින් ඇනලා මරලා දැම්මා.ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම් ලෙසින් ඉන්දෙද්දි රටේ තිබ්බේ මරන.අදත් ගෝඨාගෙන් ප්‍රශ්න අහන්න බයයි.හිට්ලර්,ගඩාබි වැනි පාලකයනුත් ජාතිවාදය ලාබෙට අලෙවි කළා.දැන් සිදුවෙන්නෙත් එවැන්නක්.

ඇගේ ලේ මස් නහර තිබෙන පොලිසියේ හමුදාවේ මහත්ත යෙක්නම් රාජපක්ෂලාට ජන්දය භාවිතා කර රට පාවාදෙන්නේ නැහැ.ඔවුන් ඒ කාලේ සිදුවු දේවල් දන්නවා.අපි මේ රටට ආදරේයි.ඒ නිසා සිංහල බෞද්ධකම ඇති කරන්න, සාමය රටතුළ ඇති කරන්න අපි කටයුතු කරනවා.අපි රටට ආදරේ නිසා අපි සාමය ගැන කතා කරන්නේ.ජාතිවාදය අවුස්සන්න ,එය අලෙවි කරන්න ලේසි.අපි එවැනි පහත් දේශපාලනයක් කරන්නේ නැහැ.ආකර්ෂණය නොවුණත් හරි දේවල් අපි නිතරම සිදුකළා.මාධ්‍යට, රාජ්‍ය සේවයට,මහජනතාවට දුන් නිදහස බලන්න.එය රාජපක්ෂ පාලනයක් තුළ ලැබෙන්නේ නැහැ” යනුවෙන් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here