Home Hit ජනපති අපේක්ෂකයන් 12ක් වැඩ කරන්නේ වෙනත් අපේක්ෂකයන්ට

ජනපති අපේක්ෂකයන් 12ක් වැඩ කරන්නේ වෙනත් අපේක්ෂකයන්ට

332

ජනාධිපතිවරණයට මෙවර ඉදිරිපත් වී ඇති ජනාධිපති ධුර අපේක්ෂකයන් 12 දෙනෙකු වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකු ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරමින් සිටින බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

ජනාධිපතිවරණ ඉතිහාසය තුල කවරදාවත් නොවූ ආකාරයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් හත් දෙනෙකු එක් අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය වෙනුවෙනුත්, තවත් අපේක්ෂකයන් පස් දෙනෙකු වෙනත් අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය වෙනුවෙනුත් කටයුතු කරන බව පෙනී යන හෙයින් ඔවුන් 12 දෙනාම මැතිවරණ නීතියට ගරුකර ඉල්ලා අස්විය යුතු බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මෙම අපේක්ෂකයන් 12 දෙනාට අමතරව තවත් එක් අපේක්ෂකයෙකු ජනප්‍රියතාව ලබාගැනීමට ජාතිවාදය මුල් කරගනිමින් කටයුතු කරන බවත් සඳහන් කල ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 35 දෙනාගෙන් මේ වනවිට අපේක්ෂකයන් 13 දෙනෙකු මැතිවරණ නීති උල්ලංඝනය කරන බවත් ප්‍රකාශ කළේය.

තමන් හැර වෙනත් අපේක්ෂකයෙකු වෙනුවෙන් කටයුතු කිරීමට කිසිදු අපේක්ෂකයෙකුට නොහැකි අතරම ජාතිවාදය මූලික කරගනිමින් ද මැතිවරණ කටයුතු කිරීම නීතිවිරෝධී බවත්, මේ නිසා මේ පිළිබඳ මැතිවරණ කොමිසමට පැමිණිලි කළ බවත් හෙතෙම කියා සිටියේය.

මෙම සියලුම කටයුතු නවතා දැමීමට කටයුතු නොකළහොත් 16 වැනිදායින් පසු අදාළ පුද්ගලයන් පිළිබඳ ප්‍රසිද්ධියට පත් කරන බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here