Home Hit පළාත්සභා වලින් කළ ව්‍යාපෘති වලට භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදී නෑ

පළාත්සභා වලින් කළ ව්‍යාපෘති වලට භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදී නෑ

262

පළාත් සභාවලින් ඉකුත් කාල සීමාව තුළ සිදුකරන ලද විවිධ ව්‍යාපෘති වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් කෝටි 650ක පමණ මුදලක් මහාභාණ්ඩාගාරයෙන් මෙතෙක් නොගෙවීම නිසා පළාත් සභා දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද ඉකුත් දා හමුවී දැනුවත් කර ඇතැයි පළාත් ආණ්ඩුකාරවරයෙක් සඳහන් කර සිටියා.

පළාත් සභාවලින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන් මුදල් යෙදවීම සඳහා අදාළ බිල්පත් මහාභාණ්ඩාගාරය වෙත යොමුකර මාස ගණනාවක් ගතවී ඇතත් මෙතෙක් එම මුදල් භාණ්ඩාගාරයෙන් ලැබී නැතැයි ඔහු පැවසුවා.

ඌව පළාත් සභාව රුපියල් මිලියන 1070ක්ද බස්නාහිර පළාත් සභාවට රුපියල් මිලියන 752ක්ද මධ්‍යම පළාත් සභාවට රුපියල් මිලියන 343ක්ද දක්වා පළාත් සභාවට රුපියල් මිලියන 493ක්ද උතුරු පළාත් සභාවට රුපියල් මිලියන 898ක් ද වයඹ පළාත් සභාවට රුපියල් මිලියන 659ක්ද උතුරු මැද පළාත් සභාවට රුපියල් මිලියන 536ක්ද සබරගමු පළාත් සභාව සඳහා 207ක් සහ නැගෙනහිර පළාත් සභාව සඳහා රුපියල් මිලියන 886ක් ද වශයෙන් මෙම මුදල මහාභාණ්ඩාගාරයෙන් අයවිය යුතුව ඇතැයි ද සඳහන්.

පළාත් සභාවල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන් ඉකුත් දා කොළඹට කැඳවූ බවත් එහිදී සියලුම ආණ්ඩුකාරවරුන් මෙම මුදල් අර්බුදය පිළිබඳව ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කළ බවත් ඔහු කියා සිටියා.

පළාතේ ප්‍රධාන ලේකම්වරයා මුදල් කොමිසමේ නිලධාරීන් හා මහාභාණ්ඩාගාරයේ ඉහළ නිලධාරීන්ද එම සාකච්ඡාවට සහභාගි වූ බවත් එහෙත් මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබී නැහැ.

මහාභාණ්ඩාගාරයෙන් ගෙවීමට ඇති මුදල් පවා නොගෙවා තිබියදී පළාත් සභාවල ප්‍රාග්ධන වියදම්වලින් 10%ක් කපාහරින ලෙස දැන්වීමෙන් මුල්‍ය අර්බුදය උග්‍ර අතට හැරී ඇතැයි ද ආණ්ඩුකාරවරුන් එහිදී පෙන්වා දී තිබෙනවා.

අජන්ත කුමාර අගලකඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here