Home Local නිල්වලා ගඟ පිටාර මට්ටමට

නිල්වලා ගඟ පිටාර මට්ටමට

435

නිල්වලා ගඟේ ජල මට්ටම අද (29) පිටාර මට්ටමට පැමිණ තිබූ අතර පහත් බිම් ජලයෙන් යටවෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

නිල්වලා ගඟේ ජල මට්ටම මිලිමීටර් 6.42 මට්ටමේ පැවති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

අධික වර්ෂාව හේතුවෙන් අකුරැස්ස – කඹුරුපිටිය මාර්ගය, අකුරැස්ස කද්දුව මාර්ගය සහ සියඹලාගොඩ – පිටබැද්දර මාර්ගය ජලයෙන් යට වී තිබෙනවා.

එම මාර්ගවල වාහන ගමනාගමනය ඇණහිට තිබූ බව අකුරැස්ස පොලිසිය පවසනවා.

ගංවතුර තත්ත්වයක් පැමිණියහොත් බෝට්ටු සහ අදාළ නිලධාරීන් සූදානම් කර සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here