Home Hit මහින්දානන්දට එරෙහි මිලියන 27ක කොළඹ කින්සි පාරේ නිවස මිලදී ගැනීමේ ...

මහින්දානන්දට එරෙහි මිලියන 27ක කොළඹ කින්සි පාරේ නිවස මිලදී ගැනීමේ නඩුව කල් යයි.

391

හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි මස 16 වන දා දක්වා තැබීමට කොළඹ මහාධිකරණය නියම කරයි.

ඉකුත් රජය සමයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැයකර කොළඹ කින්සි පාරේ නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර එහිදී විනිසුරුවරයා නියෝග කර සිටියේ මෙම නඩුව ජනවාරි මස 16 වනදා සහ 17 වනදා යන දිනවල විභාගයට ගන්නා බවත් එදින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද සාක්ෂිකරුවන්ට විනිසුරුවරයා අවවාද කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here