Home Hit වසර 32ක් තිස්සේ ජනාධිපති අපේක්ෂකයකුගේ මෙවැනි සුදානමක් දැක නෑ –...

වසර 32ක් තිස්සේ ජනාධිපති අපේක්ෂකයකුගේ මෙවැනි සුදානමක් දැක නෑ – MS

495

විද්වතුන් පන්සිය හතළිහකගේ හා ‘වියත්මඟ ’ වැඩසටහන යටතේ පිහිටවූ අනුකමිටු විසිහතක‍ගේ අදහස් හා යෝජනා මූලික කරගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කොට ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති මහින්ද සමරසිංහ මහතා පවසයි.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස් හා යෝජනාද ඇතිව ජනතාව වෙනුවෙන් සකස් කළ ලියවිල්ලක් වන බවත් හෙතෙම පවසා සිටියේය.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ගමක පවතින අඩුපාඩු සොයා විසඳුම් ලබාදෙන ආකාරයේ සිට ජාතික ආරක්ෂාව දක්වාම වැඩ සටහන් හා කෘෂිකර්මාන්තය, පොදු පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් දියුණු කිරීමේ වැඩපිළිවෙළද ඇතුළත් බව ඒ මහතා පවසා සිටියේය.

තම වසර 32කට ආසන්න දේශපාලන ජීවිතය තුල ජනාධිපති අපේක්ෂකයකු තුල මෙවැනි සුදානමක් දැක නොමැති බව වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here