Home Hit ජනපති ඇතුළු දූත පිරිස යළි දිවයිනට

ජනපති ඇතුළු දූත පිරිස යළි දිවයිනට

372

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජපානයේ සිය තුන් දින නිල සංචාරය නිමා කර ඊයේ (27) දින රාත්‍රී යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියා.

ජපානයේ නරුහිතෝ රජතුමාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වීම සදහා ජනාධිපතිතුමා එරටට ගොස් සිටි අතර , ජනාධිපතිතුමා සමග 21 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද මෙම සංචාරය සදහා සහභාගී වී සිටියා.

මෙම පිරිස ඊයේ රාත්‍රී 11.35ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

පිරිස ඉකුත් 21 වනදා අලුයම මෙම සංචාරය සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා.

 ටී.කේ.ජී.කපිල 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here