Home Local ගිලන් රථයක් ප්‍රපාතයකට ‌පෙරළීමෙන් දෙදෙනෙකු රෝහලට – PHOTOS

ගිලන් රථයක් ප්‍රපාතයකට ‌පෙරළීමෙන් දෙදෙනෙකු රෝහලට – PHOTOS

301

තලවකැලේ – නුවරඒළිය මාර්ගයේ නානුඔය, බංගලාහත ප්‍රදේශයේදී ඊයේ (27) ගිලන් රථයක් අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා නුවරඒළිය මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි නානුඔය පොලීසිය පවසනවා.

ආගරපතන, ඩයගම ප්‍රාදේශීය රෝහලේ ගිලන්රථය මෙම අනතුරට ලක්ව ඇති අතර අනතුරින් ගිලන් රථයේ රියදුරා හා සහායකයා තුවාල ලබා තිබෙනවා.

ඩයගම රෝහලේ සිට රෝගීන් කීප දෙනෙකු රැගෙන නුවරඒළිය මහ රෝහලට ගොස් ඒම රෝගීන් භාරදී නැවත ඩයගම දක්වා පැමිණෙමින් සිටියදි ගිලන් රථය මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මාර්ගය හරහා මාරු වු ඌරෙකු බේරීමට යාමේදී රියදුරාට රථය පාලන කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරින් ගිලන් රථයද දැඩි හානියට ලක්ව ඇති අතර, මෙම අනතුර සම්බන්ධයෙන් නානුඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ක්‍රිෂාන්තන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here