Home Hit විදේශ රටවලට අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට කිසිසේත් ඉඩ දෙන්නේ...

විදේශ රටවලට අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට කිසිසේත් ඉඩ දෙන්නේ නෑ – සජිත්

459

ඒකිය රාජ්‍යක් තුළ ශක්තිමත් රටක් නිර්මාණය කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ (26) හෝමාගම පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයතහවුරු කරන ජන රැළියක් අමතමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

විදේශ රටවලට අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට කිසිසේත් ඉඩ නොදෙන බව අවධාරණය කල සජිත් ප්‍රේමදාස මහතා “අපේ මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් ඇප කැප වුණු ශවේන්ද්‍ර සිල්වා අභීත රණවිරුවාණන්ව,මම මගේ පණ ට වඩා ආරක්ෂා කරමින් අපේ රටේ හමුදාපති ලෙස එතුමාව ඉදිරියටත් තබා ගන්න කටයුතු කරනවා.

“රට දැය වෙනුවෙන් කැප කිරීම් සිදු කළ සෑම රණවිරුවෙක් වෙනුවෙන්ම මම පෙනී සිටිනවා. අපේ රට සිදු කළ යුතු දේ පිළිබඳව පිට රටවල්වලින් උපදෙස් ලබා දෙන්න අවශ්‍යතාවයක් නැහැ.කිසිවෙකුගේ බලපෑම් වලට යටත් වෙන පුද්ගලයෙක්නෙවෙයි මේ සජිත් ප්‍රේමදාස කියන්නේ” ලෙස තමන්ගේ අදහස් දක්වන ලදී.

සජිත් ප්‍රේමදාස යනු වෙනත් අපේක්ෂකයින් මෙන් බලය ලබා ගැනීමට තිබෙන කෑදරකම නිසා රටත්,ජනතාවත් පවා නොදෙන පුද්ගලයෙක් බව සඳහන් කල ඒ මහතා පසු ගිය අවුරුද් 5ක කාල සීමාව තුලම රට පාලනය කල පුද්ගලයන් එතුමා ජනාධි පති බවට පත් වූ පසුත් රට පාලනය කරන බවට සඳහන් කරමින් ජනතාව නොමඟ යවමින් සිටින අබවද සඳහන් කරනු ලැබුවා.

තම පාලනය යල් පන ගිය දේශපාලන ගමනක් නොවන බව පැවසු සජිත් මහතා ඔහු කිසිඳු බලපෑමකට යටත් නොවන දේශපාලන වාසි තකා විවිධ දේශපාලන කණ්ඩායම් සමඟ ඩීල් නොදමන බව මෙහිදී පවසා සිටියා.

දූෂණය, වංචාව, කොමිස් ලබා ගැනීම, නාස්තිය, ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍යජාවාරම, මිනීමරු සංස්කෘතිය සම්පූර්ණයෙන්ම නතර කරමින් උඩු යටිකුරු කළ විප්ලවයක් ඇතිකර පිරිසිදු නායකත්වයක් සහ පිරිසිදු කණ්ඩායමක් සමග පොදු ජනතාවට සාධාරණය සහ සහන හිමිවන දෑත් පිරිසිදු ජනතාවාදී ගමනක් තම නායකත්වය යටතේ සිදු කරනු ලබන බව සජිත් ප්‍රේමදාස මහතා හෝමාගම ජනතාව අමතමින් පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here