Home Hit කෝටි 54ක මුල්‍ය වංචාවෙන් අගතියට පත් පවුල් විසිපන්දහසට සජිත්ගෙන් සහනයක්…!

කෝටි 54ක මුල්‍ය වංචාවෙන් අගතියට පත් පවුල් විසිපන්දහසට සජිත්ගෙන් සහනයක්…!

384

අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාශය තුළ එන්ට්‍රස්ට් ආයතනය සිදුකළ කෝටි 54ක මුල්‍ය වංචාව නිසා පවුල් විසිපන්දහසක් අගතියට පත්ව ඇති බවත්,ඒ පිළිබද විධිමත් පරීක්ෂණයක් කර ජනතාවට සහනයක් ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (26)හංවැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ප්‍රකාශ කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස,

“හංවැල්ල නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතියේ කෝටි 54ක ඒ කියන්නේ මිලියන 504 මුදල් වංචාව ගැන මට දැනගන්න ලැබුණා. පවුල් විසිපන්දහසක් මෙම මුල්‍ය වංචාව නිසා අගතියට පත්ව තිබෙනවා.ඒ වංචාවට හසුවු බොහෝ දෙනෙක් තේ දළු කඩන,රබර් කිරි කපන අහිංසක ජනතාව. මේ මුල්‍යය වංචාව රටේ කුප්‍රකට ආයතනයක් වන එන්ට්‍රස්ට් ආයතනය සිදුකර තිබෙනවා. පසුගිය රජය සමයේ මෙම ආයතනය තුළින් මුල්‍ය වංචා රැසක් සිදුව තිබෙනවා.මේ එන්ට්‍රස්ට් ආයතනයේ අයිතිකරුවන් කවුද කියන වග අද වන විට හැමදෙනෙකුම දන්නවා. පසුගිය රජයට සෘජු සම්බන්ධකම් තිබෙන කණ්ඩායමක් තමයි එයට දායක වුණේ. අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාශයේ පමණක් පවුල් විසිපන්දහසක් මේ නිසා අගතියට පත්ව තිබෙනවා.

මම ජනධිපතිවරයා බවට මම පත්වු විට අගතියට පත්වු පවුල් විසිපන්දහසටම එන්ට්‍රස් ආයතනයේ සම්පත් බෙදා දෙනවා කියලා මම වගකීමෙන් කියනවා. අපගේ නව ආණ්ඩුවක් තුල මුල්‍ය වංචාවලට හොරකමට පගාවට ඉඩක් නැහැ. මුල්‍ය අක්‍ර මිකතාවලට ඉඩක් නැහැ. මිලියන 504 වංචාකළ පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන එනවා. මෙය පළාත් සභා විෂයක් කියලා බොහෝ පාලකයින් එය මග හැරියා. අපේ නව රජය තුළ මේ වගකීම භාරගෙන එය විසදනවා. ශක්තිමත් තීරණ මේ රටේ ජනතාව වෙනුවෙන් මම ගන්නවා. මගේ පාලනය තුළ කුඩු බෙදා හරින්නන්ට, ඊට සම්බන්ධ වන්නන්ට, කප්පම් ලබාගන්න අයට ඉඩක් නැහැ. අපි කැමති ශිෂ්ට සම්පන්න ජනසමාජයක් නිර්මාණය කරන්න.යුක්තිගරුක ගුණ ගරුක සමාජයක් ගොඩ නගන්න අපි කැමතියි.

වෙනත් අයෙකු ලියා දුන් ප්‍රතිපත්ති ප්‍රකාශයන් තමයි අපේක්ෂකයින් ජනතාවට බෙදා දෙන්නේ.අඩුම තරමේ අපේක්ෂකයාවත් එය කියවා නැහැ. මම ඉස්පිල්ලක් පාපිල්ලක් ගාණේ මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දන්නවා.මට මගේ ජනතාවට එය විග්‍රහකළ හැකියි. මගේ ප්‍රදාන ප්‍රතිවාදියාගෙන් ඉල්ලීමක් කරනවා සජිත් ප්‍රේමදාස එක්ක විවාදයකට එන්න කියලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here