Home Hit මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අත්පත්‍රිකා ‌‌බෙදු පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරිය ඇතුළු පිරිස අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අත්පත්‍රිකා ‌‌බෙදු පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරිය ඇතුළු පිරිස අත්අඩංගුවට

817

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මහනුවර නගරය තුළ මැතිවරණ ප්‍රචාරණ පත්‍රිකා බෙදා හරිමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරියක ඇතුළු සිවු දෙනෙකු මහනුවර පොලීසිය මගින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ මෙරට සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර් මැලේ යන සියලු ජනතාවගේ සමඟිය හා ආරක්ෂාව අනතුරේ යන්න අත්පත්‍රිකා වල සඳහන්ව තිබු පත්‍රිකා මෙලෙස බෙදමින් සිට ඇත.

මහනුවර නියෝජ්‍ය මැතිවරණ කාර්යාලයට ලැබුණු තොරතුරක් මත එම කාර්යාලය මගින් කළ දැනුම් දීමකට අනුව මහනුවර ටොරිංටන් උද්‍යානය අසලදී මෙම පිරිස අත්පත්‍රිකා තොගය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අදාළ නාගරික මන්ත්‍රීවරිය මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රීවරයක් වන අතර ඇය ඇතුළු සිවු දෙනා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඔවුන්ට අධිකරණයෙන් සිතාසි ලද පසු අධිකරණයේ පෙනී සිටින ලෙස පොලීසිය දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here