Home Sports රග්බි ලෝක කුසලානයේ පහස විඳින්නට එංගලන්තය අවසන් තරඟයට

රග්බි ලෝක කුසලානයේ පහස විඳින්නට එංගලන්තය අවසන් තරඟයට

297

ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයේ තම ස්ථානය තහවුරු කර ගැනීමට එංගලන්තය ඊයේ සමත් වුනා

ඒ පසුගිය රග්බි ලෝක කුසලානයේ ශූරයන් වූ නවසීලන්තය පරාජය කරමින්ය.

පළමු අවසන් පූර්ව තරගය ජපානයේ යෝකෝහාමා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ එංගලන්තය සහ පසුගිය වසරේ ලෝක ශූරයන් වූ නවසීලන්ත කණ්ඩායම අතරයි.

තරගයේ පළමු අර්ධයේදීම කිසිවෙක් බලාපොරොත්තු නොවු අයුරින් නවසීලන්තයට ප්‍රභල අභියෝගයක් එල්ල කිරීමට එංගලන්තය සමත් වුණි.

එම අභියෝගය තරඟය අවසන් වන තෙක්ම පවත්වා ගත් එංගලන්ත කණ්ඩායම ලකුණු 19 ට 07ක් ලෙස තරගයේ ජය හිමි කර ගනිමින් ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයේ තම ස්ථානය තහවුරු කර ගත්තේ පසුගිය ශූරයන් මෙන්ම ලොව අංක එකේ කන්ඩායමද වන නවසීලන්තය පරාජය කරමින් වීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here