Home Hit මන්ත්‍රීවරුන්ට අලුතෙන් වාහන බලපත්‍ර නෑ ඒ මුදල ජනතා සේවයට – සජිත්

මන්ත්‍රීවරුන්ට අලුතෙන් වාහන බලපත්‍ර නෑ ඒ මුදල ජනතා සේවයට – සජිත්

354

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තමන් ජනපතිධුරයට පත්වූ විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන බදු රහිත වාහන බලපත් දීමනාව අහෝසි කරන බව පවසයි.

දික්වැල්ලේ පැවැති ජන රැළියක් අමතමින් ඔහු මේ බව පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට භාවිතා කිරීමට ඇති තරම් වාහන අමාත්‍යංශ වල ඇති බැවින් අලුතෙන් බලපත්‍ර ලබා දීමක් සිදු නොකර මේ හරහා ඉතිරිවන මුදල්වලින් ජනතාවට සිදුකිරීමට තිබෙන උපරිම සේවය ලබා දෙමින් අවශ්‍ය සහන ලබාදීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here