Home Hit හිරු නාලිකාවට උපරිම දඬුවම් ලබා දෙන්න – මංගල

හිරු නාලිකාවට උපරිම දඬුවම් ලබා දෙන්න – මංගල

399

හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා විසින් කරන ලද ප්‍රකාශයක් විකෘති කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් පිළිබඳව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වෙත වෙත පැමිණිලි කර තිබේ.

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්ව ඇති මෙවන් අවධියක මැතිවරණ නීති ප්‍රකාරව මාධ්‍ය උපමාන ආරක්ෂා කිරීමට බැඳී සිටින මාධ්‍ය ආයතනයක් අවම සදාචාරය හෝ නොසලකා මෙවැනි අසත්‍ය ‌වෛරී සහගත ප්‍රකාශ සමාජය තුල ව්‍යවසනකාරී තත්වයකට තුඩු දිය හැකි බවට ඒ මහතා පෙන්වා දෙයි.

මෙම අසත්‍ය වෛරී සහගත ප්‍රකාශ නිතර නිතර සමාජ ගත කිරීමට දරන පිළිකුල් සහගත උත්සාහය වෙනුවෙන් මැතිවරණ නීති ප්‍රකාරව හැකි උපරිම දඬුවම් ලබා දෙන මෙන් ඔහු මැතිවරණ කොමිෂමෙන් ඉල්ලා සිටි.

මැතිවරණ කොමිෂන් සභාවට ඔහු යොමු කල ලිපිය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here