Home Sports ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා 20 යි 20 තරඟාවලියේ පළමු තරඟය හෙට

ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා 20 යි 20 තරඟාවලියේ පළමු තරඟය හෙට

333

සංචාරක ශ්‍රී ලංකා කාණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පළමු 20යි 20 තරගය හෙට (27) පැවැත්විමට නියමිතව ඇත.

තරංග 3කින් සමන්විත තරඟාවලියේ තරඟ පැවැත්වෙන දින හා වේලාවන් පහත පරිදි වේ.

පළමු තරඟය – ඔක්තෝම්බර් 27 උදෑසන 9.00 ට ඇඩිලේඩ්.

දෙවැනි තරඟය – ඔක්තෝම්බර් 30 සවස 1.40 ට බ්‍රිස්බෙන්.

තෙවැනි තරඟය – නොවැම්බර් 1 වැනි දා සවස 1.40 ට මෙල්බන්.

ශ්‍රී ලංකා කණ්ඩායම ලසිත් මාලිංග විසින් මෙහෙයවනු ලබනඅතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම ආරෝන් ෆින්ච් විසින් මෙහෙයවනු ලබයි.

පුහුණු තරඟයක් ලෙස පසුගිය දා ශ්‍රි ලංකා කණ්ඩායම සමග පැවැති පුහුණු 20යි 20තරඟයෙන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම තරඟයේ අවසන් පන්දුවේදී ජයගැනිමට සමත් වුණි.

කෙසේවෙතත් මිට පෙර දෙරට අතර ජාත්‍යන්තර 20යි 20 තරඟ පහක් පවත්වා ඇති අතර ඉන් තරඟ තුනක ජය හිමිකරගැනිමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here