Home Hit පළිගන්නා ප්‍රතිපත්තියක් වෙනුවට පිළිගන්නා ප්‍රතිපත්තියක් – මහින්ද

පළිගන්නා ප්‍රතිපත්තියක් වෙනුවට පිළිගන්නා ප්‍රතිපත්තියක් – මහින්ද

286

පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වමින් අද දින කොළඹ නෙලුම් පොකුණ රගහලේදී විපක්ෂ නායක මහින්ද රජපක්ෂ මහතා අදහස් දක්වනු ලැබුවා.

එහිදී ඔහු කියා සිටියේ තම පාලන කාලයේදී කල නොහැකියි පැවසු බොහෝ දේ කිරීමට තමන්ට හැකි වුනේ ජනතාවගේ ආශිර්වාදය තමන්ට ලැබුන නිසා බැවින් ජනතාවගේ පිහිටෙන් හුස්ම ගැනීමට අවශ්‍ය තාවක් තමන්ට නොමැති බවත් ඔවුන් පැමිණෙන්නේ ජනතාවට හුස්ම ගැනීමට හැකි වට පිටාවක් ගොඩ නැඟීමට බවත්ය.

ඒ අතරම ඔවුන්ගේ විරුද්ධවාධින්ට ඇත්තේ පළිගන්නා ප්‍රතිපත්තියක් වන අතර තමන් ඉදිරිපත් කරන්නේ සැවොම පිළිගන්නා ප්‍රතිපත්තියක් බවද ප්‍රකාශ කරන ලදී.

මහා පාරේ සිසුන් ගුටි කන ප්‍රතිපත්තියක් වෙනුවට කොළඹට මෙන්ම ගමටත් කිරි ඉතිරෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක් තමන් ඉදිරිපත් කරන බව මහින්ද මහතා කියා සිටියේය.

උස මිටි භේදය නොතකා සෑම තරුණයෙකුටම රැකියාවක් කල හැකි වටපිටාවක්, නිදහසේ නිදා ගැනීමට හැකි පරිසරයක් මෙන්ම සෑම අංශයක් පිළිබඳවම අවධානය යොමු කර ඇති ප්‍රතිපත්තියක් අද දින මෙලෙස එළිදක්වන බව තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here