Home Hit “අග්‍රාමාත්‍ය ධුරය භාරගන්න 71ක් වතාවක් සජිත්ට ආරාධනා කරා” –...

“අග්‍රාමාත්‍ය ධුරය භාරගන්න 71ක් වතාවක් සජිත්ට ආරාධනා කරා” – මාන්නප්පෙරුම

293

පසුගිය වසරේ ඇති වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයට පෙර 71 වතාවක් අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසාට ආරාධනා කළ බව එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

එසේ සිදු කලානම් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්ව පක්ෂ නායකත්වයද ඒ මොහොතේ ඔහුට ලබා ගැනීමට තිබු බවත් නමුත් ඔහු එසේ නොකළේ ප්‍රජාත්නත්‍රවාද මාවත පමණක් පිලිගන්න නායකයෙක් වීම නිසා බවත් ඒ මහතා කියා සිටියා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එම තනතුරට පත් වූයේ සජිත් ප්‍රේමදාස මහතා එය ප්‍රතික්ෂේප කළ නිසා පමණක් බවද ඔහු පැවසීය.

ඊයේ ( 24) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා තම බාල සොහොයුරා වන ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දුන්නේ වයස් සීමාවන් නිසා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂට ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට නොහැකි වූ නිසා පමණක් බවයි.

ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබඳව නීතිමය ප්‍රශ්න මතු වූ විට ඔවුන් තම වැඩිමහල් සහෝදරයාව අපේක්ෂකයෙකු ලෙස හඳුන්වා දීමට තීරණය කළ බවද මාන්නප්පෙරුම මහතා පැවසීය.

එය රාජකීය පවුලක් හා සමාන වන අතර රට පාලනය කළ හැක්කේ පවුලේ සාමාජිකයින්ට පමණක් බව හා රටේ ජනතාව වහලුන් ලෙස රාජපක්ෂ පවුල සිතන බව මෙහිදී ඔහු ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ කිසි විටෙකත් සජිත් ප්‍රේමදාස සමඟ විවාදයකට මුහුණ නොදෙන බවත් සජිත් මහතා සමඟ විවාද කිරීමට ඔහු බිය දක්වන බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

‘වියත්මඟ’ පිටුපස ගිය මිනිසුන් අද සම්පූර්ණයෙන්ම නැතිවී ගොස් ඇති බව හා ගෝඨාභය රාජපක්ෂට වියත්මඟ ප්‍රේක්ෂකයින් අසන කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු දිය නොහැක්කේ ඔහු වෙනුවෙන් පෙර සූදානම් කර ඇති දේ පමණක් කථා කරන රූකඩයක් පමණක් වීම නිසා බවත් ඔහු කියා සිටියේය.

එවැනි අවස්ථා වලදී මිනිසුන් ඔහුට ප්‍රශංසා කරනු ලබන්නේ ඔහුගේ අදහස් වලට නොව ඔහු වෙන්වෙන් වෙන කෙනෙකුන් ලබා දුන් අදහස් වලට බවද ඔහු තවදුරටත් පැවසීය.

අලාභයක් යටතේ දැන් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ලාභ ලබන ව්‍යාපාරවලට හරවන බව ගෝඨාභය රාජපක්ෂ මීට දින කිහිපයකට පෙර පවසා තිබුණද, ඔහු සභාපති ධුරය දැරූ මිහින් ලංකා ගුවන් සේවය ඔහු යටතේ මිලියන ගණනක් පාඩු ලැබීය. ඔවුන් එය භාවිතා කලේ මේ රටේ ජනතාවට වඩා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ අවශ්‍යතා සපුරාලීමට බවද වැඩි දුරටත් අදහස් දක්වමින් මෙහිදී ඔහු කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here