Home Hit “එක්ව ඉදිරියට” සජිත්ගේ ප්‍රත්පත්ති ප්‍රකාශය එළිදැක්වීම 30 දා

“එක්ව ඉදිරියට” සජිත්ගේ ප්‍රත්පත්ති ප්‍රකාශය එළිදැක්වීම 30 දා

346

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන 30 වැනිදා එළිදැක්වීමට සැලසුම් කර තිබේ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රධානියා ලෙස කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න යන රාජ්‍ය ඇමතිවරුන් ඇතුළත්ව විවිධ ක්‍ෂේත්‍රවලට අයත් විශේෂඥයෝ ගණනාවක් සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

මෙම කමිටුවේ සාමාජිකයන් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයන් හමුවී ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන අතර, පක්‍ෂ නායකයන් ඊට අනුමැතිය ලබාදී ඇති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here