Home Hit ගෝඨාභය නිවාස ව්‍යාපෘති අටක ඉදිකිරීම් කොන්ත්‍රාත්තු හිතවතුන්ට දීලා – චම්පිකගෙන් චෝදනාවක්

ගෝඨාභය නිවාස ව්‍යාපෘති අටක ඉදිකිරීම් කොන්ත්‍රාත්තු හිතවතුන්ට දීලා – චම්පිකගෙන් චෝදනාවක්

313

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිවාස අට දහසක් ඉදිකිරිම සදහා කොන්ත්‍රාත් අටක් ලබා දුන් ටෙන්ඩර් පටිපාටිය හෙළි කරන ලෙස මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (24) මාතර වැලිගමදී පැවති මෙගා මයින්ඩ් වැඩසටහනේදී ප්‍රකාශ කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා,

ගෝඨභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ ලබා දී තිබු කොන්ත්‍රාත් අටක් අප නතර කළා.ඔහු ගෙවල් අටදාහක් හදන්න කොන්ත්‍රාත් අටක් ලබාදීලා තිබුණේ කිසිම ටෙන්ඩර්පටිපාටියක් නොමැතිව.තමන්ගේ හිතවත් විදේශිය සමාගම් වලට තමයි දීලා තිබුණේ.අපි විධිමත් ටෙන්ටර් පටිපාටියකින් ඒ ජනතාවට නිවාස ඉදිකර දුන්නා.එතුමාගේ කාලේ නාගරික සංවර්ධන අධිකාරියේ රජයේ කොටස සෘන ව තිබුණේ.2010 දැඩි පසුබෑමකට ලක්ව තිබුණේ.2017 වන විට අපි එය ගොඩ ගත්තා.බිලියන 39ක් ණය ලෙස තිබු ආයතනයක් අපි ගොඩගත්තා.රාජපක්ෂ සහෝදරවරු ධන නාස්ති කළා.ඔවුන් හදපු එක රාජ්‍යය ආයතනයක් නැහැ.ධන කාබා සිනියෝ පිරිසක් ,වරිග ආර්ථිකයක් ගෙන යන්න මේ පිරිස පොරකමින් ඉන්නවා.

ගෝඨාභය මහත්තයා කොළඔ ලස්සන කළා කියනවා.විහාර මහාදේවි හැදුවා,පාරවල් කාපට්කලා,පේවුමන්ට් හැදුවා,ගස් හිටව්වා,මල් වැව්වා.ඒක ඇත්ත. එය සිදුකළේ ලෝක බැංකුව.මීට පෙරත් ලෝක බැංකුව විදේශ රට වලට මෙය සිදුකළා.1991 සිරිසේන කුරේ මහතාගේ කාලයේදී ජපන් ආධාර වලින් කොළඔ හැදුවා.2010 පාර්ලිමේන්තුව ජලයෙන් යටවු විට ලෝක බැංකුව පැමිණියා.කොළඔ නගරයේ ජලබැසීම පාලනය කරන්න නැත්තං,කොළඔ නගරය ගොඩගන්න බැහැ කියා ඔවුන් සදහන් කළා.උමං මාර්ග හදන්න,ජලාප්‍රවාහන පද්දතිය හදන්න,ජලනල පද්දතිය අවුරුදු 150ක් පරණයි එය හදන්න කියලා සදහන් කළා.මලාප්‍රවාහන පද්දතිය අවුරැදු 150ක් පැරණි එය හදන්න කියලා සදහන් කළා.නමුත් ගෝඨාභය මහතා සිදු කළේ මතුපිටින් පෙනෙන දේවල් ටිකක් විතරයි.ඉන් පසු කොළඔ කුණු හමුදා සාමාජිකයින් යොදාගෙන මීතොට මුල්ලට ගෙන විත් ගොඩ ගැසුවා.

අප පළමු වතාවට වසර 150ක් පරණ මීටර් 10ක් පොළොව යට තිබෙනකොළඔ නගරයේ ජලාප්‍රවාහන පද්දතිය,මලාප්‍රවාහන පද්දතිය අප දැන් සකස් කරමින් ඉන්නේ.එය සිදුකළ විට තව වසර විස්සකට තිහකට කොළඔ නගරය ඊළග සංවර්ධනයට සුදානම් වෙනවා.අද මිතෝට මුල්ල නාගරික උද්ද්‍යානයක්.ගෝඨාභය කුණු ගොඩගසා හදපු මීතොට මුල්ල කුණු කන්ද නිසා ජීවිත 34ක් අහිමිවුණා. පවුල් 300කට ගෙවල් නැතිවුණා.අවුරුදු 80කට කොළඔ නගරයේ කසළ දාන්න පුලුවන් විද්‍යාත්මක කසළ රදවනයක් අප පුත්තලමේ නිර්මාණය කර තිබෙනවා.හැම ප්‍රදේශයකම කුණු දැමිය හැකි විද්‍යාත්මක කසළ රදවන විස්සක් හදන්න අප බලාපොරොත්තුවෙනවා.මේ තුළින් කසළ ප්‍රශ්නයට දිගු කාලීන විසදුමක් ලබාදෙනවා.

ගෝඨභය අති දක්ෂ කළමණාකරුවෙක් කියලා සදහන් කරනව.එතුමා ආයතන දෙකක් පාලනය කළා.එකක් ශ්‍රි ලංකාන් ගුවන් සේවය හා මිහින් ලංකා සේවය.ශ්‍රි ලංකා ගුවන් සේවය එමිරේට් එකෙන්ගෝඨාභය මහත්තයා භාර ගන්න විට බිලියන 14ක ලාබයකට භාරගත්තේ.අද අපි සැමදෙනාම රුපියල් 12500ක් ණය වෙලා තිබෙනවා ශ්‍රි ලංකා ගුවන් සේවයට. ගුවන් යානා අධික මිල ගණන් වලට අර ගෙන තිබෙනවා.බෙලි අත්තේ කුමා ස්ටිකර් ගැහුවේ පවා මේ මුදල් වලින්.එතුමා සභාපති ව මිහින් ලංකා පටන් ගත්තා.අපේ රටේ බෞද්ධ ජනතාව ඉන්දියාවේ බුද්ධගයාවට යන්න තමයි බජට් එය ලයින් එකක් හදනවා කියලා. මිලියන 6000ක් වැයකර ගුවන් යානා හයක් ගත්තා.මේ පාලන සමයේ එය බලද්දි රුපියල් පනස් හයදහක පුටු සෙට් එකක් පමණයි තිබුණේ.ගෝඨාභය රාජපක්ෂ දශ ලක්ෂ හයදාහක් ලබාගෙන.

අධ්‍යාපනයට සෞඛ්‍යයට ලබා දෙන ප්‍රතිපාදන ඔවුන් අඩුකළා දළ දේශිය නිෂ්පාදනය 4.7 සිට 2.7 දක්වා අඩුකළා.පෙනෙන සංවර්ධනයට යොමුවුණාම මුල්‍යය කොටසක් ගන්න ලේසියි.නිරෝගී සම්පත,දැනුම ලබා දුන්නම එහෙම කොටසක් ගන්න හැකිවෙන්නේ නැහැ.අපේ රජයක් තුළ සෞඛ්‍යට අධ්‍යාපනයට මුල් තැන ලබාදී අපේ දරුවන් නිරෝගී ,සබුද්ධික දරුවන් බවට පත්කරන්නත් කටයුතු කරනවා.

එහිදී ඔහු අදහස් පළ කල වීඩියෝව පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here