Home Hit සජිත් ප්‍රේමදාස ෆොන්සේකා හා එක්ව ක්‍රියාත්මක කිරීමට යන නව වැඩපිළිවෙල.!

සජිත් ප්‍රේමදාස ෆොන්සේකා හා එක්ව ක්‍රියාත්මක කිරීමට යන නව වැඩපිළිවෙල.!

861

ත්‍ රස්ත වාදි ක්‍රියාවන් වලට සම්බන්ධ වන හා ත්‍ර ස්ත වාදි ක්‍රියාවලට හවුල් වන හැම කෙනෙකුටම තම පාලන කාලය තුළදී ම ර ණි ය ද ණ්ඩ යනය ක්‍රියාත්මක කරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (24)බද්දේ ගම ප්‍රදේශයේදි පැවති ජන හමුවකදී ප්‍රකාශ කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා,

“ත්‍ රස්ත වාදීන් සිරගත වු විට සිදුවන්නේ ඒ සිරගෙදර තුළ සිට ඒ ව්‍යාපාරයට තවත් ත්‍ර ස්ත වා දින් බදවා ගැනීම. ආගමික අ න්ත වා දය උපයෝගි කරගෙන ඒ ත්‍ර ස්ත වාදය ව්‍යාප්ත කිරීම ඔවුන් සිදුකරනවා.ඒ නිසා මම කශේරුකාව කෙලින් තියාගෙන මේ ප්‍රකාශය කරන්නේ.ත්‍ර ස්ත වා දය ක්‍රියාත්මක කරන අය සේම ත්‍ ස්ත වාදයට හවුල් වන අයටත් ම ර ණී ය ද ණ්ඩ ණයට මුහුණ දෙන්න සිදුවෙනවා.

අපගේ නීතිය හා සාමය ඇමති ලෙස පත්වන ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සදහා සහය ලබාදෙනවා.ආරක්ෂක හමුදාවට ,පොලීසියට,සිවිල් ආරක්ෂක ක්ෂත්‍රයට නවින පුහුණුව ලබාදී ,නවීන යු ධ ආ යුධ,නවීන උපක්‍රම ලබාදී නවීන වැඩපිළිවලක් තුළින් අපේ රටේ ආරක්ෂක අංශය ශක්තිමත් ස්ථාවරයකට ගෙන එන්න අපි කටයුතු කරනවා.

බුද්ධි අංශ නිර්දේශපාලනී කරණය කරනවා. දශක ගණනක් මුලුල්ලේ රටේ තහනම් ද්‍රව්‍ය ව්‍යාපාරය ප්‍රචලිතව තිබෙනවා.මේ තහනම් ද්‍රව්‍ය ව්‍යාපාරය විනාශ කළ යුතුයි. ඊෂි කෑෂ් ක්‍රමයට තහනම් ද්‍රව්‍ය ව්‍යාපාරය කර අපේ රටේ අනාගය භාරගන්න ඉන්න දරුවන් විනාෂ කරන , තහනම් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මම පැහැදිලිව ප්‍රකාශ කරන්නේ ඔවුන්ට ම ර ණ ද ඩුවම ක්‍රියාත්මක කරන්න මම කිසි විටක පැකිලෙන්නේ නැහැ. හිටපු ජනාධිපති තුමාගෙන් ම ර ණි ය දණ්ඩණය ගැන මාධ්‍යය වේදියෙක් ප්‍රශ්න කරනවා.ඔහු කියනවා ම ර ණි ය දණ්ඩණයට විරුද්දයි කියලා. විරුද්ද පාර්ශවයේ දේශපාලන ක්‍රියාවලියට තහනම් ද්‍රව්‍ය කප්පිත්තෝ සහය දෙනවා. මිගමුව හිතවතාගේ නිවසේ රණවිරුවන් තහනම් ද්‍රව්‍ය අල්ලද්දි රටේ ප්‍රධානියා හෙලිකොප්ටරයෙන් ඇවිත් බදාගෙන විශේෂ කාර්යය බලකායට එතනින් යන්න කිව්වා.මෙවන් තත්වයකදී තහනම් ද්‍රව්‍ය කප්පිත්තන්ට ම ර ණි ය දණ්ඩනය ක්‍රියාත්මක කරනවට කැමති වෙයිද..? කිසිම මොහොතක මම තහනම් ද්‍රව්‍ය ව්‍යාපාරිකයින් සමගින් සම්බන්ධ වෙන්නේ නැහැ. තහනම් ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ගේ සල්ලි වලින් සජිත් ප්‍රේමදාස පෝෂණය වෙන්නේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here