Home Hit ”සජිත්ගේ අගමැති වෘත්තීයවේදියෙක්” – හර්ෂ

”සජිත්ගේ අගමැති වෘත්තීයවේදියෙක්” – හර්ෂ

540

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා බවට පත්වූ පසු මීළඟ අගමැතිවරයා කවුරුන්ද යන්න තීරණය කිරීමට ඔහුට පූර්ණ නිදහසක් පවතින බව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඊයේ (24) රාත්‍රියේ නුගේගොඩ පැවති ජන හමුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසා සිටියේ සජිත් ප්‍රේමදාස හෝ මෙතැනින් පසුව අගමැතිවරයා වන්නේ කවුරුන්ද පිළිබඳව නිශ්චිතව පවසා නැති බවයි.

මෙයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, සජිත් ප්‍රේමදාසව ජනාධිපති අපේක්ෂකයා කරවීමට වැඩියෙන්ම සටන් කළ අය අතර එක් අයෙක් වන්නේ තමා බවයි.

අගමැතිවරයෙක් තෝරන්න සජිත් ප්‍රේමදාසට සම්පුර්ණ නිදහස ලැබී ඇති බව පැවසු ඔහු, එසේ තෝරගනු ලබන අගමැතිවරයා දූෂණ චෝදනා නැති දක්ෂ වෘත්තීයවේදී මෙන්ම වැඩක් කළ හැකි අයෙක් බව ද සඳහන් කළේය.

එනිසා ඒ තීරණය කෙලින්ම සජිත් ප්‍රේමදාස විසින් ගනු ලබන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here