Home Local ඇල්ල – වැල්ලවාය මාර්ගයේ නාය යෑමකින් ගමනාගමනයට බාධා

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ නාය යෑමකින් ගමනාගමනයට බාධා

267

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඇල්ල ආසන්න ප්‍රදේශයේ අද (25) උදෑසන නාය යෑමක් සිදු වී තිබෙනවා.

මෙලෙස ඇද වැටුණු පස් සහ ගල් ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ඇද වැටී ඇති අතර එම නිසා ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

පසුව ආපදා කළමනාකරණ ඒකකය පොලීසිය එක්ව මෙම පස් ඉවත් කර මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කර ඇති අතර තවමත් එම ස්ථානය අවදානම් බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කලමණාකරන ඒකකය සඳහන් කර සිටිනවා.

ඊට අමතරව අද පස්වරුවේ දී වර්ෂාපතනය ඇඳ වැටුණහොත් මෙම මාර්ගය තවත් අවදානම් වන බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස රියදුරන් වෙත දැනුම්දීමක් කරන බවද බදුල්ල දිස්ත්‍රික් ආපදා කලමණාකරන ඒකකය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here