Home Hit පාස්කු ප්‍රහාරයේ වගකීම ජනපති සතුයි – ප්‍රංශ පුවත් සේවය

පාස්කු ප්‍රහාරයේ වගකීම ජනපති සතුයි – ප්‍රංශ පුවත් සේවය

562

ඊයේ දිනයේ ඉදිරිපත් කරන ලද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය සඳහන් කර සිටින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වී ඇති බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශවල අඩුපාඩුකම් සොයා බැලූ ජනපති පරීක්ෂණ කොමිසම කියාසිටියේ ජනාධිපතිවරයාගෙන් රටේ ආරක්ෂක ආයතන සහ පොලීසියට නිසි මග පෙන්වීමක් හෝ සහායක් හිමිවී නොමැති බවයි.

එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධනගේ දුර්වලතාවයන් ද එයට බලප ඇතැයි එහි සඳහන්.

අපේ‍්‍රල් 21 වන දින තරු හෝටල් සහ දිවයිනේ ප්‍රමුඛ පෙළේ ක්‍රිස්තියානි පල්ලි වලට එල්ල වූ මරාගෙන මැරෙන ප‍්‍රහාර වලින් පුද්ගලයින් 269ක් මියගියා.

පිටු 1,649කින් යුත් වාර්තාවේ දැක්වෙන්නේ, ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදීම ආරක්ෂක අංශයට නායකත්වය ලබාදීමට අපොහොසත් වූ බවත්, රජයේ ආරක්ෂක හා බුද්ධි අංශ ක්‍රියාදාමයන් අඩපණ කළ බවත්ය.

ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අධිචෝදනා කිරීමට බලයක් නොමැති අතර එම සොයාගැනීම් මගින් බරපතල අඩුපාඩුකම්වලට වගකිව යුතුයැයි හඳුනාගෙන ඇති අයට එරෙහිව අපරාධ නඩු පැවරීම් හෝ සිවිල් ක්‍රියාමාර්ගවල පිවිසීමේ හැකියාවක් පවතිනවා.

ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපති සිරිසේන පොලිස් ප්‍රධානියා ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීම් වලින් බැහැර කර ඇති බව ද එම පරීක්ෂණයෙන් හෙළිව තිබෙනවා.

රාජ්‍ය බුද්ධි අංශයට අයිඑස් ප්‍රහාරයන් පිළිබඳ පූර්ව තොරතුරු ලැබී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අපොහොසත් වූ බවයි වාර්තාවේ සඳහන් වන්නේ.

බදාදා (23) නිකුත් කළ පාර්ලිමේන්තු වාර්තාවේ දැක්වෙන්නේ පිපිරීමට වගකිව යුතු ජාතික තව්හීත් ජමාත් කණ්ඩායම ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම සමඟ සම්බන්ධ කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here