Home Hit අනන්‍යතාව තහවුරු නොකළ පස් දෙනෙකු ජා-ඇලදී අල්ලයි

අනන්‍යතාව තහවුරු නොකළ පස් දෙනෙකු ජා-ඇලදී අල්ලයි

302

නාවික හමුදාව විසින් 23 අලුයම ජා-ඇල ප්‍රදේශයේ සිදු කල පරික්ෂා කිරිමකදී අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකි වු පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

ජා-ඇල මහනගර සභාව අසල නාවික හමුදාව විසින් යොදා තිබූ මාර්ග බාධකයේදී සැක කටයුතු වෑන් රථයක් පරික්ෂා කිරිමේදී අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකි වු මෙම පුද්ගලයින් නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදා භාරයට පුද්ගලයින් අතර, ඉන්දියානුවන් තිදෙනෙකු සහ ලාංකිකයන් දෙදෙනෙකු සිට ඇති අතර ලංකිකයින් දෙදෙනා පිළිබඳ සිදුකරන ලද මුලික විමර්ශනයේදී ඔවුන් යටියන්තොට සහ මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම පුද්ගලයින් සහ වෑන් රථය ජා-ඇල පොලීසිය වෙත භාරදිමට නාවික හමුදාව විසින් කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here