Home Hit ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෙට හෙළි දක්වයි ; එක් එක් පළාත සඳහා වෙන...

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෙට හෙළි දක්වයි ; එක් එක් පළාත සඳහා වෙන වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශන

493

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහුගේ ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශනය හැරුණු විට සෑම පළාතකටම වෙන වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ සෑම පළාතකම ප්‍රතිපත්ති ප්‍රකාශනය එක් එක් පළාත් වල සංචාරක, රැකියා, ආයෝජන සහ සංවර්ධනය සම්බන්ධ කාරණා පදනම් කොට ගෙන ඉදිරිපත් කෙරෙන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අපේක්ෂකයා ලෙස නම් කර ඇති ගෝඨාභය රාජපක්ෂට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් අනෙකුත් පක්ෂවල ද සහාය පලකර ඇත

ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෙට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී එළිදැක්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ප්‍රකාශ කළේ ආර්ථික ප්‍රතිපත්ති, සෞඛ්‍ය, කෘෂිකාර්මික, ආරක්ෂාව, මූල්‍ය සුරක්‍ෂිතතාව සහ අධ්‍යාපනය ඇතුළු ප්‍රධාන අංශ 20 ක් පමණ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල අවධානයට ලක් කර ඇති බවයි.

අ.පො.ස උසස් පෙළ විභාගය සමත් වන සියලුම සිසුන් සඳහා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාවක් ලැබීම සහතික කිරීම ප්‍රධාන පොරොන්දුවක් වනු ඇති බව ඔහු සඳහන් කළේය. තවත් පොරොන්දුවක් වනුයේ පෙර පාසල් අධ්‍යාපනය නියාමනය කිරීමයි.

තව දුරටත් අදහස් දැක්වූ මහාචාර්ය පියදාස මහතා ප්‍රකාශ කළේ රට තුළ එකලස් කිරීමේ කර්මාන්ත ශාලා පිහිටුවීමට ද ප්‍රතිපත්ති ප්‍රකාශනය පොරොන්දු වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here