Home Local බස් අනතුරකින් පුද්ගලයෙක් මරුට – 42ක් රෝහලට

බස් අනතුරකින් පුද්ගලයෙක් මරුට – 42ක් රෝහලට

346

කොළඹ සිට කල්මුණේ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් සහ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මින්නේරිය, මුවන්පැලැස්ස ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (24) අලුයම සිදුවූ මෙම අනතුරින් බස් රථ දෙකේම රියදුරන් හා මගීන් 42දෙනෙකු පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වනවා.

රෝහල්ගත කිරීමෙන් පසු ලංගම බස් රථයේ රියදුරු මියගොස් ඇති අතර ලංගම බස් රථයේ රියදුරු තවත් බස් රථයකට අපරීක්ශාකරී ලෙස ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව මින්නේරිය පොලිස් රථ වාහන අංශයේ නිලධාරීවරයෙකු පවසා සිටියා.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මින්නේරිය පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here