Home Sports බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කරයි

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කරයි

377

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් ආරම්භ කර තිබූ ක්‍රිකට් වර්ජනය අවසන් කර තිබෙනවා.

ඒ, ඔවුන්ගේ ඉල්ලීම් රැසකට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය යහපත් ප්‍රතිචාරයක් දැක්වීම හේතුවෙන්.

බංග්ලාදේශ ක්‍රීඩකයින් පසුගිය 21 වනදා ක්‍රිකට් සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් වලින් ඉවත් වෙමින් මෙම වර්ජනය ආරම්භ කළේ ඉල්ලීම් 11ක් මුල් කර ගනිමිනුයි.

පසුව ඔවුන් ඊට තවත් ඉල්ලීම් 02ක් ද ඊට එක්කර තිබුණා.

මෙම ඉල්ලීම් සම්බන්ධයෙක් ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පාලක මණ්ඩලය අතර පැය දෙකකට අධික සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසුව ක්‍රීඩකයින් සිය වර්ජනය අත්හැරීමටයි තීරණය කර ඇත්තේ.

ගැටලුව විසදීම සදහා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා ද මැදිහත්ව ඇති බව සදහන්.

මෙම වර්ජනය හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරය ද අවිනිශ්චිත වී තිබූ නමුත් මේ වන විට එම තරගාවලිය ගැටලුවකින් තොරව පැවැත්වීමට හැකි වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here