Home Sports ලාහෝර් ත්‍රස්ත ප්‍රාහාරයට පසු පළමු වරට සංගක්කාර පාකිස්ථානයට!

ලාහෝර් ත්‍රස්ත ප්‍රාහාරයට පසු පළමු වරට සංගක්කාර පාකිස්ථානයට!

322

2009 දී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ලාහෝර් නුවරදී ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වී වසර 10 කට පසු ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි කී‍්‍රඩකයෙකු වන කුමාර් සංගක්කාර පළමුවරට පාකිස්තානයේ සංචාරයකට සූදානම් වනවා.

ප‍්‍රහාරයට ලක්වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටි සංගක්කාර 2015 දී ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් සමුගන්නා තෙක්ම පාකිස්තානයේ සංචාරයකට සහභාගී වී නැහැ.

MCC කී‍්‍රඩා සමාජයේ සභාපතිවරයා ලෙස මෙවර ඔහු පාකිස්තානයට යාමට සූදානම් වන්නේ පාකිස්තානය තුළ ජාත්‍යන්තර කි‍්‍රකට් තරග පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ සොයාබැලීමේ අරමුණ ඇතිවයි.

ඉකුත් දා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම පාකිස්තානයේ කළ සංචාරය ඉතා සාර්ථක එකක් බවත් එහි ආරක්ෂාව මෙන්ම පහසුකම් සම්බන්ධයෙන් ද සතුටට විය හැකි බවත් සංගක්කාර ප‍්‍රකාශ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here