Home Hit මැතිවරණ ව්‍යාපාරයේ ආගමික අන්තවාදය පැතිරවීමේ උත්සාහයක් – CaFFE

මැතිවරණ ව්‍යාපාරයේ ආගමික අන්තවාදය පැතිරවීමේ උත්සාහයක් – CaFFE

328

ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය තුළ ආගමික අන්තවාදී තත්ත්වයන් මතුකර දැක්විමේ උත්සාහයක් පවතින බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

ප්‍රසිද්ධ මැතිවරණ වේදිකා සිදු කරනු අන්තවාදී ප්‍රකාශයන් හා සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් ඉතා සංවිධානාත්මකව අන්තවාදී තත්ත්වයන් මතුකර දැක්වීමේ උත්සහයක් මේ වන විට කැෆේ සංවිධානයේ නිරීක්ෂණය බව ආරියවංශ මහත්මිය සඳහන් කළාය.ඔවුන් ඒ බව මැතිවරණ කොමිෂමේ සභාපති තුන වෙත ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා කරනු ලැබුවා.

ජන වර්ගය, ආගම,භාෂාව හෝ කුලය පදනම් කරගනිමින් යම් පුරවැසියෙකු, හෝ ජනකණ්ඩායමක්, වෙන්කොට සැලකීම ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමක් බවත් තමන් කැමති අපේක්ෂකයෙකුට සහාය දැක්වීමට ඕනෑම කෙනෙකුට හැකියව ඇති බවත් කැෆේ සංවිධානය අවධාරණය කරයි. එමෙන්ම මෙම තත්ත්වය ඉදිරියේදී වාර්ගික ගැටුමක්, දක්වා වූව වර්ධනය කරවිය හැකි අතර එය නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා බාධා පමුණුවන බව ද ඔවුහු අවධාරණය කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here