Home World එසෙක්ස්හි කරන්ටෙනර් රථයක තිබී 39 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගනී

එසෙක්ස්හි කරන්ටෙනර් රථයක තිබී 39 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගනී

506

39 දෙනෙකුගේ මළ සිරුරු එසෙක්ස් හි කරන්ටෙනර් රථයක තිබී සොයාගෙන තිබේ.

මෙම කරන්ටෙනර් රථය ග්‍වෝටර්ග්ලේඩ් කාර්මික උද්‍යානයේදී සොයාගැනීමෙන් පසු පොලීසිය කැඳවනු ලැබීය.

උතුරු අයර්ලන්තයේ 25 හැවිරිදි ලොරි රියදුරු මිනීමැරුමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

එසෙක්ස් පොලිසිය පැවසුවේ ලොරි රථය බල්ගේරියාවේ සිට සෙනසුරාදා ඇන්ග්ලීසි හි හොලිහෙඩ් හරහා රට තුළට ඇතුළු වූ බවයි.

වැඩිහිටියන් 38 දෙනෙකු සහ එක් යෞවනයෙකු මියගොස් ඇති බවට වාර්තා වේ .

එහිදී නිලදාරියෙක් පැවසුවේ නිලධාරීන් වින්දිතයින් හඳුනා ගැනීමට උත්සාහ කරන නමුත් එහි දීර්ග ක්‍රියාවලියක් ඇති බවයි.

“සිද්ධිය සම්බන්ධයෙන් අපි ලොරි රියදුරා අත්අඩංගුවට ගෙන ඇත්තෙමු. ඔහු තවදුරටත් පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.” යයි වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත .

ස්වදේශ කටයුතු ලේකම් ප්‍රීති පටෙල් කියා සිටියේ මෙම අතිශය ඛේදනීය සිදුවීම ගැන තමා කම්පනයට හා කණගාටුවට පත්ව ඇති බවයි.

2000 ජුනි මාසයේදී ඩෝවර් හි ලොරි රථයක පිටුපස තිබී චීන සංක්‍රමණිකයන් 58 දෙනෙකුගේ සිරුරු හමුවූ අතර ඔවුන්ගේ මිනීමැරුම නිසා 2001 ලන්දේසි ලොරි රියදුරෙකු සිරගත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here