Home Hit කලා කරුවන් රැසකගේ සහය සජිත්ට

කලා කරුවන් රැසකගේ සහය සජිත්ට

1000

කලා කරුවන් සජිත් මහතාට සහය පල කරමින් අද මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා.

ප්‍රවීණ ටෙලි නාට්‍ය හා චිත්‍රපට නළු නිළියන් පිරිසක් සහ අධ්‍යක්ෂකවරුන් මෙන්ම ගායක ගායිකාවන් පිරිසක් අද මාධ්‍ය හමුවක් පවත්වමින් මෙවර ජනාධිපතිවරණයේදී සිය සහය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බව ප්‍රකාශ කර සිටියා.

පසු ගිය රජය සමයේ කලා කරුවන් ලෙස තමන්ට මුහුණ පෑමට සිදු වූ දුෂ්කරතා හා ඔවුන්ගේ කලා කටයුතු වලට සිදු වූ බාධා සම්බන්ධයෙන් පෙන්වා දුන් ඔවුන් වත්මන් රජය සහ සජිත් ප්‍රේමදාස මහතාගේ පියාණන් වන දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා කලා කරුවන්ට කරනු ලැබූ සේවාව සිහිපත් කරනු ලැබුවා.

මේ සියලු දේට වඩා සජිත් ප්‍රේමදාස මහතාව ඔවුන් විශ්වාස කරන බවත් ඔහුගේ පාලන කාලයක් තුලදී කල කරුවන්ට යහපත් අනාගතයක් ගොඩ නැඟෙනු ඇති ඔවුන් සිතන බවටත් පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here