Home Hit මහජන සාමය පිලිබඳව අති විශේෂ ගැසට් නිවේදනයක්

මහජන සාමය පිලිබඳව අති විශේෂ ගැසට් නිවේදනයක්

444

මහජන සාමය පවත්වාගෙන යාම සදහා නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදාවේ සියළු සාමාජිකයින් යෙදවීමට අදාලව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අත්සනින් යුතුව ඊයේ (22) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි අදාල විශේෂ ගැසට් නිවේදනය නිකුත්කර ඇති බව සදහන්.

කොළඹ, ගම්පහ,කළුතර, නුවරඑළිය, ගාල්ල, මාතර,හම්බන්තොට, යාපනය, මන්නාරම, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය හා පුත්තලම යන පරිපාලන දිස්ත්‍රික්ක සහ ඒ යාබද දේශීය වෙරළ තීර නිශ්චය කොට දක්වා ඇති ප්‍රදේශවලට අයත් වනවා.

මීට අමතරව මහනුවර, මාතලේ, කිළිනොච්චිය,වව්නියාව, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, රත්නපුර හා කෑගල්ලයන පරිපාලන දිස්ත්‍රික්ක ද මහජන සේවය පවත්වාගෙන යාම සදහා වන නිශ්චය කොට දක්වා ඇති ප්‍රදේශවලට අයත් බවයි අදාල ගැසට් නිවේදනයේ සදහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here