Home Hit මඩු දේවස්ථාන භූමිය නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස නම්කරයි

මඩු දේවස්ථාන භූමිය නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස නම්කරයි

400

මඩු මාතාවන්ගේ දේවස්ථාන භූමිය නාගරික සංවර්ධන ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත්කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් නිකුත් කර තිබෙනවා.

එසේම එම ප්‍රදේශය සම්බන්ධයෙන් පරිබාහිර සැලැස්මක් සකස් කළ යුතු බවට විධානය කරන බවටත් එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

මඩු දේවස්ථාන ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කොට සංවර්ධනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට ද මීට පෙර කැබිනට් අනුමැතිය ලැබුණා.

එහිදී මඩු දේවස්ථාන ප්‍රදේශයේ ආගමික ස්ථානය ආරක්ෂා කිරීමත්, එම ස්ථානයට පැමිණෙන ජනතාව සඳහා අවශ්‍ය වන්නා වූ පහසුකම් සැපයීමත් කාලීන අවශ්‍යතාවයක් සේ සලකා මඩු දේවස්ථානය ඇතුළත් භූමි ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කොට ඒ ආශ්‍රිතව ප්‍රවාහන හා මාර්ග පහසුකම්, ජලාපවාහන පද්ධති හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමත් අරමුණු කොට ගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය හිමිවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here