Home World ඉස්ලාමීය අන්තවාදීන් ‘රහසිගත අවියක්’ කර ගත් ස්ත්‍රිය

ඉස්ලාමීය අන්තවාදීන් ‘රහසිගත අවියක්’ කර ගත් ස්ත්‍රිය

458

සියුමැලි කාන්තාවන් හා ත්‍රස්තවාදය ගැන කතා කිරීමේදී අපට බොහෝ විට අසන්නට ඇත්තේ ත්‍රස්තවාදයෙන් බැට කන හෝ ත්‍රස්තවාදයේ ගොඳුරක් බවට පත් වූ කාන්තාවන් පිලිබඳවය එහෙත් එක්සත් රාජධානියෙන් පලා ගොස් සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එක්ව අන්තවාදය හා ක්‍රියාකාරීව සහය ලබා දෙන කාත්වක් වන ශමිමා බෙගම් පිලිබඳ වාර්තා වීමත් සමඟම මෙය වෙනස් විය.

මීට සිව් වසරකට පෙර එනම් 2015 දී ශමිමා බෙගම් මහා බ්‍රිතාන්‍යයේ සිට සිරියාවට පලා ගියේ සිය මිතුරියන් දෙදෙනෙකු ද කැටුව ය. සිරියාවට පලා යද්දී ඇය පාසල් ශිෂ්‍යාවක් වූවාය.

ඇය සිරියාවට ඇතුළුවීමෙන් පසු රකා නුවරට ගොස් තිබෙන අතර ඉස්ලාමීය සටන්කරුවන් විවාහ කර ගැනීම සඳහා පැමිණි තවත් ගැහැණු ළමුන් ඇය රැඳී සිටි නිවසේ සිටි බව ශමීමා ප්‍රකාශ කළාය.

“ඉංග්‍රීසි කතා කරන වයස අවුරුදු 20ත් 25ත් අතර සටන්කරුවෙක් විවාහ කර ගැනීම සඳහා මම ඉල්ලීමක් කළා,” ඇය පැවසුවාය.

දින 10කට පසුව ඇය විවාහ වී ඇත්තේ ඉස්ලාම් ආගම වැළඳ ගෙන සිටි ඕලන්ද ජාතිකයෙකු සමඟ ය.
එවක් පටන් ඔහු සමඟ ඇය ජීවත් වී ඇත්තේ සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ ය.

වසර 4කට පමා පසු ඇය ගැන නැවත කතා කරන්නට පටන් ගත්තේ ඒ වන විට ගැබ් ගෙන සිටි ඈට දරු ප්‍රසුතිය සඳහා නැවත එකසත් රාජධානියට පැමිණීමට අවසරය ටයිම්ස් පුවත් පතට ලබා දුන් සාකච්ඡාවකදී ඉල්ලා තිබුණි.

නමුත් යමෙකු විදේශගත වී ත්‍රස්තවාදී සංවිධානවලට සහයෝගය දී ඇත්නම් එම තැනැත්තා හෝ තැනැත්තියට නැවත බ්‍රිතාන්‍යයට ඇතුළුවීම වැළැක්වීම සඳහා බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය කට යුතු යොදා තිබීම හේතුවෙන් ඇයට දරු ප්‍රසුතිය කිරීමට සිදු වුයේ සිරියාවේ සරණාගත කඳවුරේ සිටියදීය. එම දරුවා සති තුනකින් පසුව මිය ගිය අතර අලුත උපන් බිලිඳාට නියුමෝනියාව වැළඳී තිබුණු බව බලධාරීන් වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් ශමිමා බෙගම්ගේ මෙම ප්‍රවෘත්තියත් සමඟ, ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට සහ තවත් එවැනි අන්තවාදී කණ්ඩායම්වලට කැමැත්තෙන් එක්වන ස්ත්‍රීන් පිළිබඳව කතිකාවක් ගොඩ නැගිණි.

අප්‍රිකාවේ අන්තවාදී කණ්ඩායම්වලට බැඳෙන පිරිසෙන් 17%ක් පමණ ස්ත්‍රීන් බව එක් සමීක්ෂණ වාර්තාවක් (Rusi analysis) සඳහන් කරයි.

තවත් වාර්තාවක ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට බැඳෙන විදේශිකයන්ගෙන් 13%ක් කාන්තාවන් බවය.

මේ පිලිබඳ නිශ්චිත සංඛ්‍යා ලේඛන නොමැති අතර සත්‍ය ප්‍රතිශතය මීට වඩා ඉහළ විය හැක.

මෙලෙස මෙම කණ්ඩායම් වලට එක් වන කාන්තාවන්ට එම සංවිධාන වල පැවරෙන රාජකාරි විවිධාකාර ය.
බොහෝ දෙනෙකුට සටන්කරුවන්ගේ බිරිඳ ලෙස හෝ ගෘහාශ්‍රිත වැඩ කටයුතුවලට සහයෝගය දීම වැනි සාම්ප්‍රදායික කටයුතු වලට දීමට සිදු වන අතර තවත් සමහරුන්ට ලිංගික වහලුන් ලෙසද කටයුතු කිරීමට සිදු වෙන බව සමීක්ෂණයක දී (Rusi-backed studies) තොරතුරු වාර්තා විය.

මෙලෙස බැඳෙන සමහර කාන්තාවන් යොදවන්නේ මෙම සංවිධානවලට නව සාමාජිකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා උපායශීලීව අන් අය සමඟ ඇසුරු කිරීමට ය.

ශමිමා බෙගම් ද ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සිදු කර ඇති බවට වාර්තා විය. නමුත් ඇය කියා සිටින්නේ තමන් බිරිඳක වශයෙන් පමණක් තම නිවසේ කටයුතු ඉටු කළ බවය.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් ඇතැම් කාන්තාවන් යොදවනු ලැබ තිබුණේ වෛද්‍යවරියන් සහ සෞඛ්‍ය සේවිකාවන් ලෙස කටයුතු කිරීම සඳහා ය.

කාන්තා මිලිටරි පොලිස් බලකායක් ද ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සතුව තිබුණි.

මරාගෙන මැරෙන බෝම්බකාරියන්
මෑතක දී අයි එස් සංවිධානය සතුව ඉරාකයේ සහ සිරියාවේ තිබූ බලය ගිලිහී යමින් තිබියදී ඉදිරි පෙළ සටන් බිමට ද කාන්තාවන් යෙදවීමට ඔවුහු කටයුතු කළහ.

ඉන් නොනැවතුණු ඔව්හු මරාගෙන මැරෙන බෝම්බකාරියන් ද යෙදවූහ.

අල් ශබාබ් සංවිධානය විසින් 2007 සහ 2016 අතර කාලය තුළ එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයන්ගෙන් 5%ක් සිදු කරනු ලැබ ඇත්තේ කාන්තාවන් විසිනි.

නයිජීරියාවේ බොකෝ හරාම් අන්තවාදී සංවිධානය ද සිය මරාගෙන මැරෙන ප්‍රහාරයන් සඳහා කාන්තාවන් යොදවා ගත්තේය.

ඇතැම් කාන්තාවන් මෙම සංවිධාන සඳහා බලහත්කාරයෙන් යොදවා ඇති අතර ඇතැම්හු ස්ව කැමැත්තෙන් ම බැඳෙති.

BBC සිංහල NEWS ඇසුරෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here