Home Sports සෙබස්තියන් වහමාහිනා රග්බි පිටියට සමු දෙයි

සෙබස්තියන් වහමාහිනා රග්බි පිටියට සමු දෙයි

266

ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයේදී රතු කාඩ්පතක් ලැබූ ප්‍රංශ ක්‍රීඩක සෙබස්තියන් වහමාහිනා රග්බි පිටියට සමුදීමට තීරණය කොට ඇත.

28 හැවිරිදි වහාමහිනා අද (22) නිල වශයෙන් ඔහුගේ සමුදීම ප්‍රකාශයට පත් කරමින් සඳහන් කරන්නේ මෙම සමු ගැන්ම ලෝක කුසලානයේදී තමන්ට ලැබුනු කළුපැල්ලම හේතුවෙන් ලබා ගත්තක් නොවන බවත් එය තමා පෙර සිටම සැලසුම් කරන ලද්දක් බවයි.

තරගාවලියේ වේල්සය පැවති තරගයේ 49 වැනි මිනිත්තුවේදී ප්‍රතිවාදී කණ්ඩායම් ක්‍රීඩකයෙකුගේ හිසට සිය වැලමිටින් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් රතු කාඩ්පතක් හිමිවී තරගයෙන් ඉවත්වීමට සිදු විය.

කෙසේ වෙතත් මෙම තරගයේදී තියුනු තරගයකින් පසු ලකුණු 20-19 ක් ලෙස පරාජය වීමට ප්‍රංශයට සිදුවූ අතර ඒ හේතුවෙන් ඔවුන්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here