Home Hit අගෝස්තු වෙනකන් පැවති මුස්ලිම් විරෝධය නැවතුනේ එය ඇති කල පුද්ගලයා ඡන්දයට ඉදිරිපත්...

අගෝස්තු වෙනකන් පැවති මුස්ලිම් විරෝධය නැවතුනේ එය ඇති කල පුද්ගලයා ඡන්දයට ඉදිරිපත් වුන නිසා – ජෙනරාල් මහේෂ් (VIDEO)

366

මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව ගොඩ නැඟුණු ඉතා දැඩි විරෝධය එක්වරම අගෝස්තු මාසයේ නැවතුනේ එය ඇති කල පුද්ගලයා මෙවර ජනාධිපතිවරණයට ඉදිරි පත් වන බැවින් යැයි හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් මහේෂ් සේනානායක මහත් පවසයි.

දේශපාලනය කිරීම සඳහා සමහර කණ්ඩායම් වලට ජනතාව අතර බෙඳීමක් ඇති කල යුතු අතර නොමැතිනම් ඔවුන්ට දේශපාලනය සිදු කල නොහැකි බවත් මෙහිදී පෙන්වා දෙන ඔහු බස්නාහිර පළාතේ හින්දු හෝ මුස්ලිම් ජනතාවට කිසිදු බාධාවකින් තොරව තම ආගම ඇදහීමටත් කැමති තැනක පදිංචි වීමටත් ඉඩ ඇති නමුත් සමහර ප්‍රදේශ වල පමණක් මෙය ප්‍රශ්නයක් වන්නේ එය ජනතාවගේ ප්‍රශ්නයක් නොව දේශපාලකයන් විසින් ඇති කරන ප්‍රශ්නයක් බැවින් යයි මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ වෙබ් නාලිකාවක් හා සිදු කල මාධ්‍ය හමුවකදීය. අප්‍රේල් මස 21 වන දින සිට සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් ඉතා දැඩි ලෙස මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුන දැඩි විරෝධය එක පුද්ගලයකු අගෝස්තු මාසයේදී තමන් ජනාධිපතිවරණයට ඉදිරි පත් වන බව පැවසීමත් සමඟම නැති වී ගියේ එහි ආරම්භකයන් ඔවුන් වන නිසා බැවින් බවද ඔහු මෙහිදී කියා සිටියේය.

නොවැම්බර් මස 16 වනදා පමණක් වන තෙක් මෙම ජනතාව අතර බෙඳීම් ඇති කිරීම නවත්වා ඔවුන්, ජරාජීර්ණ වූ පවුල් වලින්, සොරුන්දගෙන්, දූෂිතයන්ගෙන් සමන්විත දේශපාලනය වෙනස් කර එක රටක් තුල එක නීතියක් ඇති කල යුතු බවට ඔහු අවධාරණය කර සිටියි.

ඇති වුණ මුස්ලිම් විරෝධී රැල්ල හිටි ගමන් අගෝස්තු මාසේදී අතුරුදන් වුණේ ඇයි?

ඇති වුණ මුස්ලිම් විරෝධී රැල්ල හිටි ගමන් අගෝස්තු මාසේදී අතුරුදන් වුණේ ඇයි?හිටපු හමුදාපති මහේෂ් සේනානායක අනාවරණය කරයි.Voice TV

Posted by Voice TV on Monday, October 21, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here