Home Hit ”රොකට්ටුවක් වගේ ඉදිරියට යන්න අපේම ජනාධිපතිවරයෙක් දෙන්න” – අගමැති

”රොකට්ටුවක් වගේ ඉදිරියට යන්න අපේම ජනාධිපතිවරයෙක් දෙන්න” – අගමැති

352

ස්වයං රැකියාවල නිරත වන පුද්ගලයින්ට රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකරනු ලැබුවා.

මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ දැවැන්ත ව්‍යාපාරිකයින් සියලු දෙනා කොළඹ ෂැංග්‍රල්ලා හෝටලයට ගෙන්වු බවයි.

තමා අද දිනයේ අඩි 100 පාරේ ඇවිත් පොඩි මිනිහාගේ ආර්ථිකය ගැන කථා කරන බවත් අගමැතිවරයා මෙහිදී පැවසුවා.

මේ රටේ පොඩි මිනිසුන්ගේ ආර්ථිකය වර්ධනය කිරීමට ජේ.ආර්.ජයවර්ධන විසින් විවෘත ආර්ථිකය හඳුන්වා දුන් බවත් කියා සිටි අගමැතිවරයා, එයට අවස්ථාව රණසිංහ ප්‍රේමදාස විසින් ද සකසා දුන් බවද කියා සිටියා.

අද දවසේ එතුමාගේ පුතා වන ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබා දී පොඩි මිනිසාගේ ආර්ථිකය ආරක්ෂා කර දෙන ලෙසත් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

2015 දී රට භාරගන්නා විට මොවුන් ණය ලබාගෙන ලබාගෙන ණය ගෙවන්න ණයක් ගන්න නොහැකි තත්ත්වයක් පැවති බවද කියා සිටි අගමැතිවරයා අමාරු කාලයක් පැවති බවත් සඳහන් කර සිටියා.

තමන්ගේ ස්වයං රැකියා අවසන් වු පසු මෙතැන සිටින පිරිස කුමක් සිදුකරන්නේ දැයි විමසා සිටි අගමැතිවරයා ස්වයං රැකියා කරන අයට අනාගතයේ රක්ෂණ ක්‍රමයක් ඇති කරන බවත් කියා සිටියා.

ගෝඨාභය රාජපක්ෂගේ පොහොට්ටුවට ඡන්දය ලබා දී ආරක්ෂා වීමට හැකිදැයි අසා සිටි අගමැතිවරයා, එසේ සිදු කරන්නේ නම් සෙරෙප්පු ගළවා “රනින් ෂූෂ්“ දාගන්න දුවන්න යැයි කියා සිටියා.

එනිසා අපේම ජනාධිපතිවරයෙක්, අපේම පළාත් සභාවක්, අපිටම බහුතරයක් තියෙන පාර්ලිමේන්තුවක් ලබාදෙන ලෙසත් එවිට රොකට්ටුවක් වගේ ඉදිරියට යන බවත් ඒ සඳහා සජිත් ප්‍රේමදාසට ශක්තියක් වන ලෙසත් අගමැතිවරයා මෙහිදී කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here