Home Hit වීරවංශට ව්‍යවස්ථාව කියවා තේරුම් ගන්න බෑ – මනෝ

වීරවංශට ව්‍යවස්ථාව කියවා තේරුම් ගන්න බෑ – මනෝ

367

ශ්‍රී ලංකාවේ සිවුවැනි ව්‍යවස්ථාවේ 22 වැනි වගන්තිය අනුව උතුරු හා නැගෙනහිර පළාත්හැර ඉතිරි පළාත් තුළ පරිපාලන භාෂාව ලෙස සිංහල භාෂාව දන්වා ඇති බවත් ඒ අනුව උතුර හා නැගෙනහිර පළාත් තුළ පරිපාලන භාෂාව දමිල භාෂාව බව විය යුතු බවත් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

ඒ අනුව එම පළාත් තුළ මුලින්ම දමිල භාෂාවත් පසුව සිංහල භාෂාව යොදා ගන්නා බවත් අනෙකුත් පළාත් තුළ මුලින් සිංහල භාෂාවත් පසුව දමිල භාෂාවත් යොදා ගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ එය ප්‍රජාතන්ත්‍රවාදය බවයි.

විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව කියවීමට හෝ තේරුම් ගැනීමට නොහැකි බවත් ඔවුන් භාෂා ප්‍රතිපත්තිය තීරණය කරන්නේ ඒ අනුව බවත් ඔහු පෙන්වා දෙයි.

ජාතිවාදය මූලික කර ගනිමින් ඔවුන්ගේ දේශපාලනය සිදු කරන බව පෙන්වා දෙන අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ජනපතිවරයාට කිසියම් දිස්ත්‍රික්කයක භාෂාමය ජනඝනත්වය සළකා බලමින් යම් භාෂාවක් එම පළාතේ පරිපාලන භාෂාව බවට භාවිත කළ හැකි යැයි නියෝගයක් නිකුත් කළ හැකි බවටද ප්‍රකාශ කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here