Home Hit නබි තුමාට කල අපහාසයට විරෝධය පල කල මුස්ලිම් ජාතිකයන්ට පොලිසියෙන් වෙඩි, ...

නබි තුමාට කල අපහාසයට විරෝධය පල කල මුස්ලිම් ජාතිකයන්ට පොලිසියෙන් වෙඩි, 4ක් මරුට (PHOTOS)

481

මුහම්මද් නබිතුමාට අපහාස කරමින් ෆේස්බුක් පණිවුඩයක් නිකුත් කල හින්දු තරුණයෙකුට මරණ දඬුවම ඉල්ලා බංග්ලාදේශයේ මුස්ලිම් ජාතිකයෝ විරෝධතාවක් පවත්වයි.

විරෝධය පළ කරමින් 20,000ක් පමණ පිරිසක් පැමිණ සිට ඇති අතර විරෝධතාව අතරතුරදී පොලිසියට ගල් මුල් පහර එල්ල කිරීම නිසා පොලිසිය විරෝධතාකරුවන්ට වෙඩි තබා ඇත. වෙඩි වැදීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් 50කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. තවදුරටත් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා රටේ ජනගහණයෙන් 90%ක් පමණ වන මුස්ලිම් ප්‍රජාවට සාමකාමිව කටයුතු කරන මෙන් ඉල්ලා සිටින අතර තත්වය පාලනය කිරීමට රට තුල පොලිස් ආරක්ෂාව තර කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here