Home Hit දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර හමුවක්

දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර හමුවක්

241

දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර හමුවක් හෙට (22) දිනයේ පැවැත්වීමට නියමිතයි.

හෙට උදෑසන 10.00ට මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී මෙම රැස්වීම පැවැත්වෙන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ජනාධිපතිවරණය කැඳවීමෙන් අනතුරුව මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජියින් හමුවන තෙවන අවස්ථාව මෙයයි.

මේ සඳහා සහභාගීවන ලෙස සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා.

මීට අමතරව මෙම අවස්ථාවට සහභාගීවන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙත ද දැනුම් දී ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here