Home Hit කොන්දක් තියනවනම් ජනාධිපතිවරණෙට පෙර වාර්තා ඉදිරිපත් කරන්න – හඳුන්නෙත්ති (VIDEO)

කොන්දක් තියනවනම් ජනාධිපතිවරණෙට පෙර වාර්තා ඉදිරිපත් කරන්න – හඳුන්නෙත්ති (VIDEO)

399

2002 වසරේ සිට සිදු කරන ලද බැඳුම්කර ව්‍යවහාරික විගණන වාර්තා ජනතාවට දැනගැනීමට ඉදිරිපත් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ මහා බැංකු අධිපති තුමන්ට අභියෝග කර සිටිනවා.

පසුගියදා මහ බැංකු අධිපතිතුමන් ප්‍රකාශ කල බැඳුම්කරය පිලිබඳව ව්‍යවහාරික විගණන වාර්තාව කොටස් 4ක් ලෙස ඉදිරිපත් කිරීමට සුදානම් බව තමන් දන්නා බවත් එය ආයතන 4කට ලබා දී මේ වන විට සකසා අවසන්ව ඇති බවත් එම බැංකු වාර්තා රජය හිතාමතාම ප්‍රමාද කරන බැවින් ආණ්ඩුවෙන් නොව මහා බැංකු අධිපති තුමන්ගෙන් එම වාර්තා එළඹෙන ජනාධිපතිවරණයට පෙර ජනතාවට දන ගැනීමට ඉදිරිපත් කිරීමට ඉල්ලා සිටින බවට පසු ගියද මාධ්‍ය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලි මේන්තු මන්ත්‍රී කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියා.

එසේ ඉදිරිපත් කිරීම තුලින් මේ වන විට ජනාධිපතිවරණයේ තරඟ වදින සජිත් ප්‍රේමදාස මහතා හා ඔහු වටේ සිටින්නන් මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහු වටේ සිටින අය පිලිබඳ ජනතාවට නිවැරදි තක්සේරුවක් ලබා ගත හැකි බව ඔහු කියා සිටියා

මේ වන විට ශ්‍රී ලංකාව තුල පවතින්නේ ජනතාව බදු ගෙවන ගොවියා වැඩ කරන කම්කරුවා මහන්සි වන මංකොල්ල කෑ ආර්ථිකයක් බවට තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here