Home Hit ගෝඨාභයගෙන් පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමක්

ගෝඨාභයගෙන් පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමක්

320

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කදිනල් හිමිපාණන් ඉල්ලූ පරිදි ජනාධිපති කොමිෂමක් පත්කරන බවත් ඒ හරහා සියලු වැරදිකරුවන් සොයා ගන්නා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වූ ජන රැළි කිහිපයකදී ඔහු මෙම අදහස් දැක්වීය.

කිරිබත්ගොඩ ජන රැලිය අමතමින් ඔහු කියා සිටියේ

“ගම්පහ දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කරවන බවත් ඩොලර් බිලියන 10 දක්වා සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවත්ය.

මේ වන විට පැමිණෙන සංචාරකයන් මිලියන 7 දක්වා වැඩි කිරීමේ සැලසුම් තමන් සතුව ඇති බවත් ගුවන් තොටුපොළ ආශ්‍රිතව තිබෙන ව්‍යාපාර වර්ධනය කිරීමට කටයුතු කරන බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

රාගම රැලිය අමතමින් නැවතත් බොම්බ පිපිරීමට පටන්ගෙන ඇති බවත් බෝම්බ ගහන්නේ කවුරුන්ඩ් ? කොතනද? කුමන වෙලාවෙද? දුරකතන අංක මොනවද? මේ සියල්ල වත්මන් රජයට ලබා දී තිබුණත් එය නැවත්වීමට ඔවුන්ට නොහැකි වුන් බැවින් ජාතික ආරක්ෂාව වෙනුවෙන් මේ රජය කිසිම ප්‍රමුඛත්වයක් ලබා නොදුන් බව ප්‍රකාශ කර සිටියා.

නමුත් නැවත ඔවුන් බලයට පැමිණි පසු එම රජය යටතේ බුද්ධි අංශ ක්‍රියාත්මක කර නැවතත් සුරක්ෂිත රටක් ලබා දීමට කටයුතු කරන බව පවසා සිටියා.

මීගමුව රැලිය ඇමතු ඔහු කඩා බිද දැමුණු ආරක්ෂාව ගොඩනගලා සුරක්ෂිත රටක් ඇති කිරීමට අපි පොරොන්දු වන බවත්
කිසිම අන්තවාදී ත්‍රස්තවාදයකට මේ රටේ හිසඔසවන්න ඉඩ නොතියන බවත් පැවසිය.

කාඩිනල් හිමිපාණන් ඉල්ලා සිටින ජනාධිපති කොමිෂමක් පත්කර පාස්කු ප්‍රහාරයට වග කිව යුතු සියලු පුද්ගලයන් සෙයා ගන්නා බවද ඔහු කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here