Home Hit යුද හමුදාපතිගේ පැහැදිලි කිරීම ගැන මැකෝ සෑහීමට පත් වේ.

යුද හමුදාපතිගේ පැහැදිලි කිරීම ගැන මැකෝ සෑහීමට පත් වේ.

363

වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා 2009 වසරේ කළ ප්‍රකාශයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වන අයුරින් පුවත් පත් දැන්වීමක් ලෙස පළකිරීම තම අනුදැනුමකින් තොරව සිදුව ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කර තිබේ.

එම දැන්වීම පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාට ලිපියක් මගින් කරුණු පැහැදිලි කරමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

එසේම මේ පිළිබඳව අදහස් දැක්වූ මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ යුද හමුදාපතිවරයාගේ කරුණු පැහිදිලි කිරීම ගැන සෑහීමකට පත්වන බවයි.

එසේම මේ සඳහා අදාළ පක්ෂය (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) සම්බන්ධ නොමැති බව පක්ෂය විසින් ද මැතිවරණ කොමිසමේ සභාපති තුමන්ට දන්වා ඇත.

තවද යුද හමුදාව තුළ කිසිම දේශපාලන මැදිහත්වීමකට අවසර නොමැති බවද යුද හමුදාපතිවරයා දන්වා ඇති බව මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

යුද හමුදාව කිසිම අපේක්ෂකයෙකුට සහායක් නොදක්වන බව යුද හමුදාපතිවරයා දන්වා ඇති බවත් අනෙකුත් මැතිවරණවලදී මෙන්ම මෙම මැතිවරණයේදීත් යුද හමුදාව අපක්ෂපාතීව සහාය දෙනු ඇති බවට විශ්වාස කරන බවත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here