Home fact check ගෝඨාභයගේ ආධාරකරුවන් ජංගම වෙළෙන්දාගේ කරත්තය තල්ලු කර දමා තර්ජනය කළාද?

ගෝඨාභයගේ ආධාරකරුවන් ජංගම වෙළෙන්දාගේ කරත්තය තල්ලු කර දමා තර්ජනය කළාද?

475

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල ජන රැළිය, ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරන දේශපාලන පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය 9 වැනිදා අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

එදිනම රාත්‍රියේ “විනය ගරුක රට පොඩි මිනිහට සලකන හැටි… ඡන්දෙ දීලම බලපන්” යනුවෙන් සඳහන් වූ සටහනක් සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් පැතිරී තිබුණා.

එම සටහනට අදාල ඡායාරූපයේ “ඕක අරන් ඔතනින් පලයං..ගෝඨා සර්ගේ වාහනේ ස්ටේජ් එක ළඟට යන්නේ මෙතැනින්..” කියමින් පිරිසක් මෙම ජංගම වෙළෙන්දාගේ කරත්ත තල්ලු කර දමා පාරෙන් ඉඩ දෙන ලෙස තර්ජනය කළ බව සටහන් කරමින් ප්‍රශ්න කර තිබුනේ “ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ මේක ද ඔබ ගේන්න දඟලන විනයගරුක සමාජේ” යනුවෙන් විමසමිනි.

සමාජ මාධ්‍ය වල බොහෝ දෙනෙකු අතර මෙය හුවමාරුවී තිබුන අතර සමහරුන් එහි සත්‍යතවක් නොමැති බවද පවසා තිබුනේ ඡායාරූපයේ දැක්වෙන වහාන ධාවනය වන්නේ ලංකාවේ මෙන් වම පස නොව දකුණු පස බද පෙන්වා දෙමිනි.

එසේ නමුත් මෙය බොහෝ දෙනෙකු අතර හුවමාරු වී තිබීම හේතුවෙන් එහි සත්‍ය අසත්‍ය භාව අපි සොයා බැලුවා එහිදී
ඉහත ප්‍රකාශයට ෆේස්බුක් පරිශීලකයින් අදහස් ගණනාවක් ඉදිරිපත් කර තිබුණා. එහිදී එක් අයෙකු විසින් මෙහි මුල් රූපරාමුව යැයි හැඟෙන ඡායාරූපයක් සමඟ සටහනකුත් පළකර තිබුණා. සම්පූර්ණයෙන්ම දේශපාලන මඩ ප්‍රචාරයක් බව සඳහන් කරමින් “වෙලාවට වාහන වල නම්බර් ප්ලේට් පේන්නෙ නැත්තෙ. නැත්තං අනුරාධපුරේ තියෙන්නෙ මොන රටේද කියල අහුවෙනවා 😀😀” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබුණේ මෙලෙසිනි.

මෙම ඡායාරූපය සොයා අප සමාජ මාධ්‍ය ජාල කිහිපයක සොයා බැලුව එහිදී පෙනී ගියේ මෙම ඡායාරූපය 2018 වසරේ ඔක්තෝබර් මස 18 වැනිදා මෙක්සිකෝවේ ෆේස්බුක් පිටුවක් හරහා පළවී තිබුණු අතර එහි ස්පාඤ්ඤ භාෂාවෙන් සඳහන් කර තිබුනේ “Por si crees que tu dia fue malo” ලෙසයි. එහි සිංහල තේරුම වන්නේ “ ඔබේ දවස නරක යැයි සිතුවානම් මොහුට සිදුව ඇති දෙය බලන්න!” යන්නයි.

Por si crees que tu dia fue malo.💔#TómaloConHumor

Posted by Peribán Al Momento on Monday, October 1, 2018

මේ අනුව පෙනී යන්නේ එම මුල් ඡායාරූපය මීට වසරකට ඉහතදී මෙක්සිකෝවේ ෆේස්බුක් පිටුවක පළව තිබු අවාසනාවන්ත සිද්ධියක රූප රාමු පෙළකින් ලබාගත්තක් බවයි. එය වඩාත් තහවුරු වන්නේ ලංකාවේ මෙන් නොව ඡායාරූපය තුල ඇති වාහන වමෙන් නොමැතිව දකුණෙන් පැදවීම තුලිනි මන්ද මෙක්සිකෝව වැනි රට වල සුක්කානම ඇත්තේ වම පස නිසා එහි රථ වාහන පදවන්නේ දකුණු පසිනි.

මේ අනුව “විනය ගරුක රට පොඩි මිනිහට සලකන හැටි… ඡන්දෙ දීලම බලපන්” යනුවෙන් සඳහන් කර ඇති ප්‍රකාශයට අදාළ ඡායාරූපය සම්පූර්ණයෙන්ම ව්‍යාජ බව පැහැදිලිය.යම්කිසි දේශපාලන අරමුණකින් මෙවැනි අසත්‍ය ප්‍රකාශයක් සමාජ ගත කරවන්නට උත්සහ දර ඇති බව පෙනී යයි. මෙසේ වෙළඳසලකට පහර දුන්නාය පළවෙන පුවතට අදාල ඡායාරූපය 2018 වසරේ ඔක්තෝබර් මස මෙක්සිකෝවේ ෆෙස්බුක් පිටුවටක පළව තිබු සටහනකින් ලබාගත් ඡායාරූපයක් බව පැහැදිලි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here