Home Local පාසල් සිසුවෙකු අභිරහස් ලෙස මියයයි

පාසල් සිසුවෙකු අභිරහස් ලෙස මියයයි

352

මව සහ පියා නිවසින් බැහැරව සිටි අතරතුර දී නිවසේ රැඳී සිටි 13 හැවිරිදි පාසල් සිසුවෙකු හදිසියේ මියයාමේ පුවතක් කටුවන වල්ගම්මුල්ල පුවක්ගස්ආර ප්‍රදේශයන් වාර්තා වනවා.

මිය ගොස් ඇත්තේ වල්ගම්මුල්ල මහා විද්‍යාලයේ 08 වැනි වසරේ ඉගෙනුම ලැබූ නදුන් නෙත්සර ඩයස් ගුණවර්ධන නම් පාසල් සිසුවා බවයි පොලීසිය පවසන්නේ.

අද (19) පෙරවරු 8.30ට පමණ මියගිය පාසල් සිසුවාගේ පියා සිය ව්‍යාපාරය සඳහා පිටත්ව ගොස් ඇති බවත් මව සහල් ගෙන ඒම සඳහා නිවස ආසන්නයේ පිහිටි වෙළඳසැලට ගොස් සිටි බවත් මියගිය සිසුවා නිවසේ තනිව සිට ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

වෙළඳසැලට ගොස් සිටි මව නැවත නිවසට පැමිණීමෙන් අනතුරු ව නිවසේ ජනේලයක එල්ලී සිටි දරුවා දැක ඇති අතර පසුව ඇය කෑගසා ප්‍රදේශවාසීන් ගෙන්වාගෙන සිසුවා කටුවන ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

රෝහලට රැගෙන යන විට සිසුවා මියගොස් සිටි බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මියගිය සිසුවාගේ මරණය පිළිබඳව සැක පහළ කර ඇති කටුවන රෝහලේ වෛද්‍යවරයා පොලීසියට සිද්ධිය වාර්තාකර තිබෙනවා.

අනතුරුව කටුවන පොලිසිය මියගිය දරුවාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භකර ඇති අතර පොලිසිය සැක කරන්නේ මියගොස් ඇති සිසුවා ගේ මරණය ඝාතනයක් විය හැකි බවයි.

මියගිය සිසුවා මරණය පිළිබඳ පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සිදුකිරීම සඳහා සිරුර ඇඹිලිපිටිය දිස්ත්‍රික් මූලික රෝහලට යවා තිබෙනවා.

චන්ද්‍රසේන ගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here