Home Hit ජයග්‍රාහී පාකිස්නථාන T20 තරඟාවලියට ගිය 4ක් ඔස්ට්‍රේලියා තරඟාවලියට නෑ

ජයග්‍රාහී පාකිස්නථාන T20 තරඟාවලියට ගිය 4ක් ඔස්ට්‍රේලියා තරඟාවලියට නෑ

438

ඔක්තෝම්බර් මස අවසානයේදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් මෙම විස්සයි20 සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙනකු නම් කර තිබේ.

පාකිස්නථාය හා පැවැති විස්සයි20 තරගාවලියට ඇතුළත් වුණ මිනෝද් භානුක, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ පෙරේරා, ළහිරු මධුශංක යන ක්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබෙන අතර ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල සංචිතයට ඇතුළත්ව තිබේ.

ඇන්ජලෝ මැතිව්ස්ටද කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබීම විශේෂත්වයකි

ඔස්ට්‍රේලියාවේ විස්සයි20 තරගාවලියට නම් කර ඇති ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය – ලසිත් මාලිංග (නායක), දසුන් ශානක, භානුක රාජපක්ෂ, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ඕෂධ ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු. ශෙහාන් ජයසූරිය, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ණුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, ඉසුරු උදාන, කසුන් රාජිත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here