Home Hit 659,514 ක් වූ තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට භාර දෙයි.

659,514 ක් වූ තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට භාර දෙයි.

342

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට භාර දීම සිදු කරන බව මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

තැපැල් ඡන්ද පත්‍රිකා අදාළ මධ්‍යස්ථාන කරා රැගෙන යාමට හෙට සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරෙන කාල සීමාවේදී තැපැල් කාර්යාල අශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බවයි.

මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අදියර දෙකක් යටතේ සිදු කිරීමට මැතිවරණ කොමිසම් සභාව වැඩ පිළිවෙලක් සකසා ඇත.

ඒ අනුව රාජ්‍ය ආයතනවල හා හමුදාවන්හි තැපැල් ඡන්ද හිමියන්ට ලබන 31 වන දා සහ ලබන මස 01 වන දා තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකි අතර ලබන මස 04 වන දා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසියට ඒ සඳහා අවස්ථාව සලසා දී ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

එම දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන මස 07 වන දා තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදි තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here