Home Hit එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවෙන්න – සජිත්ගෙන් චම්පිකට ආරාධනාවක්

එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවෙන්න – සජිත්ගෙන් චම්පිකට ආරාධනාවක්

445

වර්ථමානයේදී එක්සත් ජාතික පක්ෂය සහ ජාතික හෙළ උරුමය පක්ෂය අතර ප්‍රතිපත්තිමය ගැටුමක් නොමැති හෙයින් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ගමනක් යාමට තමන් පාඨලී චම්පික රණවක මහතා ප්‍රමුඛ ජාතික හෙළ උරුමයට ආරාධනා කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී සංධානයේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද ආරාධනාවක් කලා. ඒ ජාතික හෙළ උරුමයේ මහ සමුළුවට එක්වෙමින්.

ජාතික හෙළ උරුමය දරණ ප්‍රධාන ප්‍රතිපත්ති වන ඒකීය ශ්‍රි ලංකාව, සම්බුද්ධ සාසනයට මුල් තැන ලබාදීම මගෙත් ප්‍රතිඵත්තිය බව මම වගකීමෙන් සදහන් කරනවා. ජාතික හෙළ උරුමය හා අපේ ප්‍රතිපත්ති අතර ලොකු වෙනසක් තියනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයත් ජාතික හෙළ උරුමයත් අතර ප්‍රතිඵත්තිමය ගැටුමක් තිබෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ.මම ආරාධනා කරනවා ජාතික හෙළ උරුමයටත් ඒක්සත් ජාතික පක්ෂයටත් එකට එකතුවෙලා, අත්වැල් බැදගෙන සැබෑ දේශප්‍රේමිත්වය, සැබෑ දේශ හිතෛශිත්වය තුළ මේ රටේ ඒ්කීය භාවය තහවුරු කරමින්, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින්, සම්බුද්ධ සාසනයට මුල්තැන ලබාදෙමින්,අනෙකූත් ජාතින් අනෙකුත් ආගම් වලට ලබාදිය යුතු ස්ථාවරත්වය ලබාදෙමින්,රැකවරණය ලබා දෙමින් සෞභාග්‍යයමත් ලංකාවක් ගොඩ නගන්න පාර්ශව දෙකම එකතු වෙමු කියලා. මම ඔවුන්ට ඒ් ආරාධනාව කරන්න කැමතියි.” යනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here