Home Sports හිසට එල්ල වූ පහරකින් මරු තුරුලට ගිය ‌‌බොක්සිං ක්‍රීඩකයා

හිසට එල්ල වූ පහරකින් මරු තුරුලට ගිය ‌‌බොක්සිං ක්‍රීඩකයා

289

බොක්සිං තරගයකදී එල්ල වූ පහරක් හේතුවෙන් ඇමෙරිකානු බොක්සිං ක්‍රීඩක පැට්‍රික් ඩේ එම තරගයෙන් දින 4කට පසුව ජීවිතක්ෂයට පත්විය.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 27ක් විය. ඇමෙරිකාවේ චිකාගේ නුවර පැවැති ඔහුගේ සුපිරි වෙල්ටර්වේට් බර පංතියේ 10 වන වටයේදී ඔහුට හිසට එල්ල වූ පහරක් හේතුවෙන් මොළයේ ආබාධයකට ලක්විය.

චාල්ස් ක්‍රොන්වෙල් එල්ල කළ පහරකින් අනතුරුව ඔහු කෝමා තත්ත්වයට පත්වූ අතර දින 4කට පසුව ඔහු ජීවිතක්ෂයට පත්විය.

21 හැවිරිදි ඇමරිකානු ක්‍රීඩක කොන්වෙල් මෙම තරගයෙන් අනතුරුව පවසා සිටියේ “මම කවදාවත් මෙය සිදුකිරීමට අදහස් කළේ නැහැ, මට කිරීමට අවශ්‍ය වූයේ ජයග්‍රහණය පමණයි,” යනුවෙනි.

මිය ගිය ඩේ ඔහුගේ වෘත්තීය සටන් 22 න් 17 ක්ම ජයගෙන තිබු අතර පරාජයන් හතරක් හා එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here