Home Hit ජාතික හෙළ උරුමය විශේෂ මහ සමුළුවේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැසක් සජිත්ගේ...

ජාතික හෙළ උරුමය විශේෂ මහ සමුළුවේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැසක් සජිත්ගේ සහායට එක්වේ

826

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සභාපති නීතිඥ රජික කොඩිතුවක්කු මහතා ප්‍රමුඛ පක්ෂ සංවිධායකයින් සහ ක්‍රියාකාරීන් රැසක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සදහා සහාය පළකිරීම සදහා එක්ව තිබේ.

ඒ අද (18) පැවති ජාතික හෙළ උරුමය පක්ෂයේ විශේෂ මහ සමුළුවේදියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සුරැකීමේ සංවිධානයට අමතරව දමිළ ප්‍රගතිශීලි පක්ෂය, තෙළිගු දේශම් පක්ෂය සහ නිදහස් තරුණ පෙරමුණ නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් සජිත් ප්‍රේමදාස මහතාගේ සහාය සදහා එක්විය.

“ජාතික හෙළ උරුමයේ ඒකීය රාජ්‍ය සංකල්පය සහ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිණැමීම යන ප්‍රතිපත්තීන් මමත් පිළිගන්නා ප්‍රතිපත්තීන්. මම ආරාධනා කරනවා ඔබට එක්සත් ජාතික පක්ෂය සමඟ එකට එක්ව එක් බලවේගයක් ලෙස ඉදිරියට යන්න.” යනුවෙන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ජාතික හෙළ උරුමයට ආරාධනා කලා.

ජාතික හෙළ උරුමය විශේෂ මහ සමුළුව

Posted by Patali Champika Ranawaka on Friday, October 18, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here